Home ක්‍රීඩා පුවත් බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් හෙට ඇරඹේ

බස්නාහිර පළාත් විවෘත බැඩ්මින්ටන් හෙට ඇරඹේ

by Hela news

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන ශ්‍රේණිගත කිරීමේ විවෘත ශූරතාවලිය හෙට (10) වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී සහ ඔටර්ස් බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජයේදී පැවැත්වේ. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 14 වැනිදා දක්වා පැවැත්වෙන මේ ශූරතාවලිය දෙසැම්බර් මාසයට නියමිත ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අවශ්‍ය ශ්‍රේණිගත කිරීම් සිදු කෙරෙන තරගාවලියක් ද වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් සහභාගි වන මේ තරගාවලිය පැවැත්වෙන්නේ ටෙලිකොම් සුප්‍රිමෝ එස්එල්ටී මොබිටෙල් අනුග්‍රාහකත්වය යටතේය.

බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, රන්තුෂ්ක කරුණාතිලක, රසිඳු හෙන්දහේවා, විරේන් නෙත්තසිංහ, දුමිඳු අබේවික්‍රම, කවිඳි සිරිමාන්නගේ, දිල්මි ඩයස්, අචිනි ප්‍රනාන්දු, හසිනි අම්බලන්ගොඩගේ, දිනිත්මා ජයතිලක සහ රනිත්මා ලියනගේ මෙවර ශූරතාවලියේ අවධානය දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති. අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment