Home විදෙස් පුවත් බල්ගේරියාවේ බස් රථ අනතුරකින් 45ක් මරුට

බල්ගේරියාවේ බස් රථ අනතුරකින් 45ක් මරුට

by Hela news

බල්ගේරියාවේ බටහිර කලාපයේදී බස් රථයක් ගිනිගැනීමෙන් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පිළිස්සුම් තුවාල ලැබූ තවත් 7ක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බල්ගේරියාවේ බටහිර බොස්නෙක් ගම්මානය ආසන්නයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටක ගැටී තිබේ.

මෙහිදී අනතුරට පත් බසය ගිනිගැනීමකටත් ලක්වී තිබුණි.

එසේ අනතුරට පත්වී තිබුණේ උතුරු මැසිඩෝනියාවට අයත් බස් රථයක් බව විදෙස් වාර්තා පැවසීය.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සති අන්ත නිවාඩුව ගතකළ පිරිසක් රැගෙන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්යේ අගනුවර බලා පැමිණෙමින් සිටින අතරතුර එම අනතුර සිදුවී තිබුණි.

අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර ළමයින් 12 දෙනෙකු සිටින බව විදෙස් වාර්තාවල සඳහන් කරයි.

අනතුරට පත් මගීන්ගෙන් වැඩි පිරිසක් උතුරු මැසිඩෝනියානු ජාතිකයන් බව වාර්තා වුණි.

සිදුවීම සම්බන්ධයෙන් උතුරු මැසිඩෝනියානු සහ බල්ගේරියානු අගමැතිවරු අතර විශේෂ සාකච්ඡාවක්ද පැවති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් කරයි.

0 comment
0

Related Posts

Leave a Comment