Home ව්‍යාපාර පුවත් බලවත් රටවලත් බලශක්ති අර්බුද: මෙරට අඛණ්ඩ ඉන්ධන සැපයීම ගැන ජාතියම සතුටු විය යුතුයි

බලවත් රටවලත් බලශක්ති අර්බුද: මෙරට අඛණ්ඩ ඉන්ධන සැපයීම ගැන ජාතියම සතුටු විය යුතුයි

by Hela news

ලොව බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණදී සිටින මොහොතක ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම පිළිබඳ සමස්ත ජාතියම සතුටු විය යුතු බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ පැවසීය.

බොර තෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති නොවන බවත් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බවත් ගම්මන්පිල මහතා කීවේය.

අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට විදුලිබල මණ්ඩලය විදුලිය නිෂ්පාදනයට දැවි තෙල් මිලදී නොගන්නා බවත් සීමිත ඩොලර් ප්‍රමාණයක් වැය කර ගෙන්වන ලද බොරතෙල්වලින් සකස් කළ දැවි තෙල් ටොන් 13,500ක් භාවිත නොකර ටැංකිවල ගබඩා කර තිබෙන බවත් හෙතෙම කීවේය. මේ නිසා අනවශ්‍ය බියක් අවශ්‍ය නැති බවත් ඇමැතිවරයා කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment