Home විදෙස් පුවත් බයිඩ්න්ගේ කොවිඩ් නීතිය අධිකරණය ඉවත දමයි

බයිඩ්න්ගේ කොවිඩ් නීතිය අධිකරණය ඉවත දමයි

by Hela news

විශාල සමාගම්වල සේවකයන්ට එන්නත් කිරීම, මුඛ ආවරණ පැලැඳීම සහ සතියකට වරක් පරීක්ෂා කිරීම අනිවාර්ය කරමින් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් යෝජනා කළ නීතිය අවලංගු කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී ඇත. එරට ඉහළම අධිකරණයේ විනිසුරුවන් තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේ බයිඩ්න්ගේ තීරණය ඔහුගේ ජනවරමින් ලැබුණු බලතල ඉක්මවා ගොස් ඇති බවකි.

බයිඩ්න්ගේ මේ තීරණය රජයේ ආධාර ලබන වෛද්‍ය ආයතනවල පමණක් ක්‍රියාත්මක කළ හැකි බව ද තීන්දුවෙන් ප්‍රකාශ වී ඇතැයි බීබීසී වාර්තා කරයි. බයිඩ්න් පරිපාලනය පවසන්නේ මේ නීතිය මගින් වසංගතය පාලනය කිරීමට ඉඩ සැලසෙන බවය. සේවකයන්ගේ සුරක්ෂිතභාවය උදෙසා ගත් තීරණය ඉවත දැමීමෙන් තමා කණගාටු වන බව බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment