Home කාලීන පුවත් බන්දුලගේ වගකීම බැසිල් මතක් කර දෙයි

බන්දුලගේ වගකීම බැසිල් මතක් කර දෙයි

by Hela news

අත්‍යවාශ්‍ය ආහාර වහා නිදහස් කරන්න මහින්ද නියෝග කරයි

වරයේ සිරවී ඇති අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහා නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී නියෝග කළේය.

ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අගමැතිවරයා මෙම නියෝගය කළේ අද (24) සූම් ඔස්සේ පැවැති රැස්වීමට අරලිය ගහ මන්දිරයේ සිට සහභාගි වෙමිනි.

එසේ නිදහස් වන අහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අතවශ්‍ය අහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත ලැබීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට දැනුම් දුන්නා.

සහල් ඇතුළු අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව වෙළෙඳපොලට නිකුත්කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බවටද මෙහිදී අවධාරනය කෙරුණා.

0 comment
0

Related Posts

Leave a Comment