Home උණුසුම් පුවත් බදුර්දීන්ට දුරකථනේ දීපු ජේලර්ට කරපු දේ

බදුර්දීන්ට දුරකථනේ දීපු ජේලර්ට කරපු දේ

by Hela news

බුද්ධි තොරතුරින් බදූර්දීන්ට සෙනෙහේ පෑ ජේලර් අල්ලයි

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයෙකුට ස්ථාන මාරුවීමක් ලබාදී තිබේ.

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනයක් ලබාදීමට කටයුතු කළ බවට බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව මැගසින් බන්ධනාගාරයේ සේවය කරනු ලබන ජේලර්වරයකු සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment