Home ක්‍රීඩා පුවත් බංග්ලාදේශ පුහුණුකරුට පරාජයේ වගකීම පවරයි

බංග්ලාදේශ පුහුණුකරුට පරාජයේ වගකීම පවරයි

by Hela news

බංග්ලාදේශ කණ්ඩායමේ පසු බැසීම සම්බන්ධයෙන් පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතා වගකීම භාරගත යුතු බව හිටපු නායක මෂ්රෆි මෝර්ටසා පවසයි. බංග්ලාදේශ කණ්ඩායම් කළමනාකාරීත්වය දකුණු අප්‍රිකානු පුහුණුකරුවන් සඳහා “පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්” ලෙස හඳුන්වා දෙමින් මෝර්ටසා විසින් පුහුණුකරු දැඩි ලෙස විවේචනය කළේය.

“අපේ පුහුණුකරු පරාජයේ වගකීම භාරගත යුතුයි. මම හිතන්නේ ඔහුට ලෝක කුසලානය ගැන විශේෂ සැලැස්මක් තිබුණේ නැහැ. පුහුණුකරු අපේ කණ්ඩායම සමඟ නිතරම අත්හදා බැලීම් කළා. ලෝක කුසලානයකදී එහෙම වෙන්න බෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයත් එයට එකඟව නිහඩව සිටීම ප්‍රශ්නයක්”

“පුහුණුකරුට ඔහුගේ වැඩ කිරීමට නිදහස ලබා දී තිබියදීත්, ඔහු වගකීමෙන් කටයුතු කළේ නෑ. මාස හයෙන් හයට ඔවුන්ගේ වැටුප සහතික කරන විට, කිසිවක් ගණන් ගත්තේ නෑ. අපි දැන් පුහුණුකරු ගැන සිතිය යුතුයි.” මෝර්ටසා පැවසීය.මේ අතර බංගලාදේශ ක්‍රීඩකයන්ව එරට ක්‍රිකට් ආයතනය විසින් විවේචනය කිරීම සම්බන්ධව හිටපු නායක මෂ්රෆි මොර්ටසා පවසන්නේ මණ්ඩලයේ විවේචන හේතුවෙන් ක්‍රීඩකයන් පීඩනයට පත්වු බවයි.

“නරක කාලවලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ව ක්‍රිකට් පාලක මණ්ඩලය සැනසීමට උත්සාහ කළ යුතුයි. බංග්ලාදේශ පාලක මණ්ඩලය මෙයට වඩා ඉවසිලිවන්ත විය යුතුව තිබුණා. ක්‍රීඩකයෙක් හොඳින් ක්‍රීඩා නොකරන්නේ නම්, තරගාවලියෙන් පසු ඔහුව ඉවත් කළ හැකියි. නමුත් ඔවුන් තරගාවලියේ සිටින තාක් විවේචනය කළ යුතු නෑ.” මෝර්ටසා පැවැසීය.

0 comment
0

Related Posts

Leave a Comment