පොලීසියෙන් පහරදුන් බව පවසමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් රෝහල්ගත වෙයි

0
104

දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හර්ෂණ අමරසිංහ මහතා මීගමුව මුලික රෝහලට ඇතුලත් වී තිබේ.

මන්ත්‍රීවරයා පැවසුවේ පෙරේදා දිනයේදී සිය නිවසට පැමිණි පොලිස් නිලධාරීන් තමා පොලිසීයට රැගෙන යා යුතු බව පවසමින් පහරදීමක් සිදුකළ බවය.

“එක පාරටම කඩාගෙන ඇවිත් නැගපන් ජීප් එකට කිව්වා. දෙන්නෙක් මාව අල්ලගෙන දිගින් දිගටම පහර දුන්නා. යකඩයක් වගේ දෙයක් අතේ තිබුණා,”යනුවෙන් දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී හර්ෂණ අමරසිංහ මහතා පැවසීය.

කෙසේවෙතත්  එල්ලවන චෝදනාව දිවුලපිටිය පොලීසිය ප්‍රතික්ෂේප කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here