Home උණුසුම් පුවත් පොලිස්පති අධිකරණයට පැමිණෙයි.

පොලිස්පති අධිකරණයට පැමිණෙයි.

by Hela news

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි සටහන්කර ගැනීම අද (29) 06 වන දිනටත් සිදු කෙරුණි.

අද දින සාක්ෂිදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ විය.

0 comment
0

Related Posts

Leave a Comment