Home දේශීය පුවත් පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි

by Hela news

සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබූ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද (01) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථ 1600ක් පමණ ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සුදානම් වෙයි.

ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ ආසන සංඛ්‍යාවට පමණක් මඟින් රැඟෙන යා යුතු බවට සෞඛ්‍ය මාර්ගෝපදේශ ද නිකුත් කර තිබේ. එම නීතිය අද (01) සිට අකුරට ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට ලිඛිතව දැනුම් දෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

මේ අතර හෙට දිනයේ ධාවනය කළ හැකි වන්නේ බස් රථ සියයට 50ක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් සහ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහත්වරු පවසති.

කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ රියැඳුරන්ට රජය යම් සහනයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ගැමුණු විජේරත්න මහතා ‘දිනමිණ‘ට පැවසීය.

මේ අතර පළාත් අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අද (01) සිට ආරම්භ වෙන බවත් දුම්රිය 150ක් පමණ ධාවනය කෙරෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment