Home කාලීන පුවත් පුරාවිඳු අඹරෙන් ගිලිහුණු තරුව ආචාර්ය ශිරාන් දැරණියගල

පුරාවිඳු අඹරෙන් ගිලිහුණු තරුව ආචාර්ය ශිරාන් දැරණියගල

by Hela news

පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ අති දැවැන්තයෙකු වශයෙන් අචාර්ය ශිරාන් දැරණියගල මහතා නම් දරා සිටී. විශේෂයෙන්ම ලාංකීය පුරාවිද්‍යාව නවමු මාවතකට යොමු කළ ඒ මහා පුරාවිඳු යුග පුරුෂයාගේ අභාවය නිමිත්තෙන් ඔහුට මෙය උපහාරයක් වේවා!

පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයේ එක්තරා යුගයක නියමුවෙකු ලෙසින් වැජඹුණු අචාර්ය ශිරාන් දැරණියගල මහතා 1942 මාර්තු 1 වන දින උපත ලැබූහ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ උපත ලද මෙතුමාගේ පියා වූයේ ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ පෝලස් එඞ්වඞ් පිරීස් දැරණියගල මහතා වේ. මව ප‍්‍රිනී මොලමුරේ විය. ශ‍්‍රීරාන් දැරණියගලයන්ගේ මුත්තා වන පෝල් ඊ. පීරිස් මහතා මෙරට පරිපාලන සේවයට පත් වූ පළමු සිංහල ජාතිකයා ද වේ. පවුලේ තෙවැන්නා වූ මොහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය සිදු කරන ලදි. ආචාර්ය ශිරාන් දැරණියගල යනු මෙරට ප‍්‍රාග් ඉතිහාසය ලොවට හෙළි කළ ප‍්‍රමුඛතම විද්වතා වේ. විශේෂයෙන්ම විශිෂ්ට ගණයේ පුරාවිද්‍යාඥයකු මෙන්ම ඉතිහාසඥයෙක්ද වන ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ශාස්ත‍්‍රවේදී (1963) උපාධිය වාස්තුවිද්‍යාව, සංස්කෘත බස යන විෂයන්ගෙන් ලැබී ය. අනතුරුව, ශාස්ත‍්‍රපති (1966) උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් හා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ආයතනයෙන් ද ලැබූ අතර මෙහි දී ඔහු වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යාට හිමි වන ගෝර්ඩන් චයිල්ඞ් ත්‍යාගය දිනා ගැනීමට සමත් විය. 1964 සිට 1976 දක්වා එංගලන්තය, ප‍්‍රංශය හා ඉන්දියාව වැනි රටවල දී ප‍්‍රමුඛ ඝනයේ පුරාවිද්‍යාඥයන් යටතේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් දැඩි ශික්ෂණයක් නොහොත් ප‍්‍රායෝගික හා න්‍යාත්මක අවබෝධයක් ලැබීමට ඔහුට අවස්ථාව විය.

විශේෂයෙන්ම 1968 දී ඔහු ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලබනුයේ ඔහු තුළ පුරාවිද්‍යා විෂය කෙරෙහි තිබූ දක්ෂතාවය හා පරිපූර්ණත්වය නිසාවෙනි. කෙසේ නමුත් 1969 අනුරාධපුරයේ ඇතුළු නුවර ගෙඩිගේ කැනීමෙන් මූලාරම්භය ගත් දැරණියගලයන් ප‍්‍රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික, හා මූල ඓතිහාසික යන විවිධ යුගයන් කෙරෙහි සිය දැනුම යොදවා පර්යේෂණ දියත් කළ අතර ඒ ස`දහා දායකත්වය මෙන්ම මූලිකත්වය ද ලබා දෙන ලදී. එපමණක් නොව 1988 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඞ් සරසවියෙන් අචාර්ය උපාධියට හිමිකම් කියනුයේ එදා මෙදා තුර ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ආසියානු කලාපයෙන් බිහි වූ විශිෂ්ටතම ආචාර්ය උපාධි නිබන්දනයක් සේ සැලැකෙන “Prehistory of Sri Lanka an ecological perspective” යන නිබන්ධය ඉදිරිපත් කරමින් වීම ශ‍්‍රී ලාංකීය පුරාවිද්‍යාවේ සාධනීය ලක්ෂණයක් ලෙසින් දිස්වන්නට විය. තවද එතැනින් නොනැවතුනු දැරණියගලයන් 1983-1992 අතර කාලයේ දී පුරාවිද්‍යා කැනීම් උපදේශකයෙක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර ඔහු 1992 සිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ අතර ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය සකස් කිරීම, ලංකාවේ පුරාවිද්‍යා උරුමය සුරැුකීම සම්බන්ධ ව්‍යාපෘති හා මහජනයා දැනුවත් කිරීම් ආදී කාර්යන් ගණනාවක් සම්බන්ධයෙන් ද ප‍්‍රමුඛව ක‍්‍රියා කරන ලදී.

විශේෂයෙන්ම දකුණු ආසියාවේ හා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා මූල ඓතිහාසික පුරාවිද්‍යාව දකුණු ආසියාවේ හා ශ‍්‍රී ලංකාවේ චාතූර්තික අවධියේ පරිසරය, පාරිසරික පුරාවිද්‍යාව, ශිලා මෙවලම් හා මැටි මෙවලම් පිළිබඳ අධ්‍යයනය ආදිය තම අධ්‍යයන ක්ෂේත‍්‍ර ලෙස යොදාගත් අචාර්ය ශ‍්‍රිරාන් දැරණියගලයන් නොමැකෙන පුරාවි`දු සටහන් රාශීයක් තැබීමට සමත්ව තිබේ. දකුණු ආසියාවේ ජීවත් වූ නවීන මානවයාගේ පුරානතම ජනාවාස වූ පාහියන්ගල ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, අළු ලෙන ආදි බොහෝ ස්ථාන විධිමත් කැණීමකට ලක් කළ එතුමන් එහි ගල් ආයුධ හා මෙවලම් මෙන්ම මානව අස්ථි කොටස් විද්‍යාත්මක කාලනිර්ණයකට ලක් කර මෙරට ප‍්‍රාග් ඓතිහාසික යුගයේ කරුණු රැසක් ලොව හමුවේ අනාවරණ කිරීමට සමත් වියග එසේම අදින්
 වසර 130, 000ක් පැරණි ඉරණමඩු පාංශු සංයුතිය යනුවෙන් හැඳින්වෙන උතුරු දකුණු හා වයඹ වෙරළ තීරයන්හි ගවේෂණය කරා ඔහුගේ අවධානය යොමු වීම මෙරට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය අධ්‍යයනයේ සන්ධිස්ථානයක් වශයෙන් හැ`දින්විය හැකිය. 1992 සිට 2001 දක්වා ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාට ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනනරාල් තනතුරේ පිය පුතු දෙපළක් සේවය කිරීමේ ගෞරවය ද හිමි විය. එපමණක් නොව මෙරට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්ෂෙත‍්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ ක‍්‍රමවේදය පුළුල් කරනු ලැබුවේ ද දැරණියගල මහතා විසිනි.

විශේෂයෙන්ම 1945 දී රාවණා ඇල්ලේ සිදුකරන ලද කැණීමේ දී එතුමා බලන්ගොඩ මානවයා පිළිබඳව සාධක සොයා ගන්නා ලදී. එම මානවයා හෝමෝ සේපියන් සේපියන් බලන්ගොඩෙන්සස් ලෙස නම් කෙරිණි. එසේම බෙල්ලන්බැඳි පැලැස්සේ සිදුකරන ලද කැණීම්වලින් එම මානවයා පිළිබඳව තොරතුරු විශාල ප‍්‍රමාණයක් අනාවරණය කරගෙන ඇත. තම ජීවිත කාලය තුළදී ජාතික

කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය මෙන්ම රාජකීය ආසියාතික සංගමයේ සභාපති, ජාත්‍යන්තර ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ කොන්ග‍්‍රසයේ, ප‍්‍රාග් ඓතිහාසික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ, යුනෙස්කෝ සංවිධානය, ඉන්දියානු සිස්ටමැටික් සූලොජි සංගමය, ඉන්දියානු පැසිපික් ධීවර කවුන්සිලයේ, ඉන්දියානු සත්ත්ව විද්‍යා ඇකඩමියේ, මිනිසා පිළිබඳ අධ්‍යයන ඇමෙරිකානු පදනමේ, ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානයේ විවිධ නිලතල හොබවා ඇත.

මීට අමතරව දැරණියගල මහතා පර්යේෂණ ලිපි 40 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර ඒවා ලොව ප‍්‍රමුඛ පෙළේ සඟරා කිහිපයකම පළ වී ඇත. ඔහු සංස්කෘතික කටයුතු හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් තනතුරු කිහිපයක් ද හොබවා තිබේ. තවද, ඔහු ශ‍්‍රී ලංකාවේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපෘති 20 කට වැඩි ප‍්‍රමාණයක් අධ්‍යක්ෂණය කරන ලදී. 1969 දී ඔහු අනුරාධපුර බලකොටුවේ මුල්ම කැණීම් කටයුතු අධීක්ෂණය කළ අතර ඔහුගේ කැණීම් කටයුතු ශ‍්‍රී ලංකාවේ සිදු කළ ප‍්‍රථම විද්‍යාත්මක ස්ථරීභූත කැණීම් ක‍්‍රියාවලිය ලෙස ද සැලකේ. එය ඉක්මනින්ම ලංකාවේ නැ`ගී එන පුරාවිද්‍යාඥයන් සඳහා වේදිකාවක් ද සකසණු ලැබීය. 1997 දී දකුණු ආසියානු පුරාවිද්‍යාඥයන්ගේ යුරෝපීය සංගමයේ 14 වන ජාත්‍යන්තර සමුළුවේදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත‍්‍රිකාවක ඔහු පුරාණ අනුරාධපුරයේ ගුවන් විදුලි කාබන් කාලානුක‍්‍රමය පිළිබඳ සංශෝධිත වයස් ඇස්තමේන්තුවක් ද ඉදිරිපත් කරන ලදී. ආචාර්ය දැරණියගල මහතා සහකාර කොමසාරිස්වරයා වශයෙන් සිටි සමයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික තාක්ෂණය හා සංස්කෘතිය ක‍්‍රමානුකූලව නැවත විමර්ශනය කිරීම ආරම්භ කරන ලදී. ඔහු නව පර්යේෂණ උපාය මාර්ගයක පුරෝගාමියෙකු වූ අතර අපේ ඉතිහාසයේ මෙතෙක් අවබෝධ වී නැති සහ එතරම් නොදන්නා මෙම වැදගත් කාලපරිච්ෙඡ්දය පිළිබඳ දිගු කාලීන අධ්‍යයනයකට ඉඩහසර ලබා දුනි.

ආචාර්ය දැරණියගල පසුව හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට යෑමට පෙර සහ 1988 දී ඔහුගේ විශිෂ්ඨ කාර්ය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පාරිසරික දෘෂ්ටිකෝණය සම්පූර්ණ කරන ලදී. පිටු 1500 කටත් වඩා වැඩි සංස්කෘතික පෞරාණික පරිසර විද්‍යාව පිළිබඳ මෙම ස්මාරක කෘතිය හාවර්ඞ් මහාචාර්යවරුන් විසින් සමස්ත දකුණු ආසියාවේ පුරාවිද්‍යාවේ සලකුණක් ලෙස ප‍්‍රශංසාවට පාත‍්‍ර වී ඇති අතර එමඟින් ඔවුන්ගේ ශ‍්‍රී ලංකා පූර්ව ඉතිහාසය පිළිබඳ සංකල්පය අහම්බෙන් වෙනස් විය. ආචාර්ය දැරණියගල පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් සිටි සමයේ රාජ්‍ය අංශය තුළ ශ‍්‍රී ලාංකික පුරාවිද්‍යාව නවීකරණය කිරීමේ සුවිශේෂී යුගයක් විය. මේ සඳහා තෙරපුම වැඩසටහන් කිහිපයක් සම්බන්ධීකරණය කරමින් වෘත්තීය මට්ටමින් න්‍යායික, ව්‍යවහාරික හා කළමනාකරණ පුරාවිද්‍යාව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ න්‍යාය පත‍්‍රයක් ඔහු සකස් කරන ලදී. 1998 දී පුරාවිද්‍යා ආඥාපනතෙහි රේඩියල් මාරුවක් හඳුන්වා දීමේ දී ආචාර්ය දැරණියගල මහතා වගකිව යුතු අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හා විධිමත් පුරාවිද්‍යාත්මක බලපෑම් තක්සේරුවලට වැඩි බලතල ප‍්‍රමාණයක් පැවරීය. 1968 දී කැණීම් අංශයේ සහකාර කොමසාරිස්වරයකු වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජකාරි ආරම්භ කළ ශිරාන් දැරණියගල මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ සේවය කළ කැපී පෙනෙන නිලධාරියෙකි. බුලත්සිංහල පාහියන් ලෙන හා සම්බන්ධ කැණීම් දැරණියගලගේ නායකත්වයෙන් ආරම්භ කෙරිණි. එම කැණීම් වලින් පුරාවිද්‍යාත්මක සාධක සහිතව මිනිස් සොහොනක් හඳුනා ගැනීමට ඔහුට හැකි විය.

එසේම එතුමාගේ පර්යේෂණයන් අවස්ථා රාශියකදී ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලබා ඇත. දැරණියගලයන් ප‍්‍රකාශයට පත්කරන ලද ජාතික සහ ජාත්‍යන්තර ප‍්‍රකාශන ප‍්‍රමාණය මෙතෙක් යැයි කිව නොහැකිය. කෙසේ නමුත් ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය ලෝකයේම අවධානයට නතු කළ මේ කෘතහස්ත පුරාවිද්‍යාඥයා ආයූ අවුරුදු 79 වි`දිමින් 2021-10-05 දින සිය ජීවන ර`ග ම`ඩලේ හුස්ම පොද නතර කරන ලදී. පුරාවිද්‍යාඥයකු, ඉතිහාසඥයකු ලෙසත් ලෝකයේම අවධානය දිනාගත් අචාර්ය ශිරාන් දැරණියගල මහතාට නිවන් සුව හිමිවේවා යැයි ප‍්‍රාර්ථනා කරන අතරම එතුමා මෙතෙක් රැුකගෙන ආ ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය සුරක්ෂිත කොට අනාගතයට දායාද කිරීම ඔබ අප කාගේත් යුතුකම යැයි අවසාන වශයෙන් සිහිපත් කරමි.

0 comment
0

Related Posts

Leave a Comment