රුසියාවේ විපක්ෂ දේශපාලන නායකයෙක් ලෙසින් ප්‍රකට ඇලෙක්සි නවාල්නි මොස්කව් ගුවන්තොටුපොළක රඳවා තබාගෙන සිටී.
ජර්මනියේ සිට මොස්කව් බලා පැමිණි අවස්ථාවේ ඔහු එම සිදුවීමට මුහුණපා තිබුණි.
විෂ ශරීරගතවීමක් හේතුවෙන් ජර්මනියේ රෝහලක ප්‍රතිකාර ලැබූ රුසියානු විපක්ෂ දේශපාලන නායකයෙක් වන ඇලෙක්සි නවාල්නි, මාස 5කට පමණ පසු යළිත් සිය මව්බිම වෙත පැමිණ තිබුණි.
නවාල්නි පිළිගැනීම සඳහා ඔහු රැගත් ගුවන් යානය පැමිණීමට නියමිතව තිබූ ගුවන්තොටුපොළ ඉදිරිපිට ට දහස් සංඛ්‍යාත පිරිසක් රැස්ව සිටි නමුත් යානය මොස්කව් හි ෂෙරමෙට්යෙවෝ ගුවන්තොටුපොළ වෙත යොමුකර තිබූ බව සඳහන්ය.
එහි ගමන් බලපත්‍ර පාලන අංශයේ දී ඔහු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
44 හැවිරිදි ඇලෙක්සි නවාල්නි, වත්මන් රුසියානු පාලනය සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස විවේචනය කළ අයෙකි.
ඉකුත් වසරේ ඔහුට විෂ ශරීරගත කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්ද නවාල්නි චෝදනා එල්ලකරන්නේ ක්රෙම්ලිනයටයි.
කෙසේ වෙතත් ක්‍රෙම්ලිනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
මේ සමග,අත්හිටවූ සිරදඬුවමට අදාළ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අලෙක්සි නවාල්නිට වසර තුනහමාරක සිදුර දඬුවමක් නියම කිරීමේ ඉඩක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඇලෙක්සි නවාල්නි පොලිස් භාරයට ගැනීම යුරෝපා සංගමයට අයත් ප්‍රංශය, ඉතාලිය වැනි රටවල් විසින් හෙලාදැක ඇති අතර වහාම ඔහුව නිදහස් කරන ලෙස එම රටවල් ඉල්ලා සිටී.
මේ අතර නවාල්නිගේ ආධාරකරුවන් ගුවන්තොටුපොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරතවිය.