Home ව්‍යාපාර පුවත් පීපල්ස් රක්‍ෂණ සමාගමේ නවීන තාක්‍ෂණික සේවා කවුළුවක් මහජන බැංකු මූලස්ථානයට

පීපල්ස් රක්‍ෂණ සමාගමේ නවීන තාක්‍ෂණික සේවා කවුළුවක් මහජන බැංකු මූලස්ථානයට

by Hela news

පීපල්ස් රක්‍ෂණ සමාගම සිය ගනුදෙනුකරුවන් වෙත විශිෂ්ට රක්‍ෂණ සේවාවක් දීමේ අරමුණින් නවීන තාක්‍ෂණයෙන් සමන්විත රක්‍ෂණ සේවා කවුළුවක් මහජන බැංකු මූලස්ථානයේදී විවෘත කිරීම පසුගියදා සිදු විය. රාජ්‍ය ආයතන අතර ඇති සම්බන්ධතාව ශක්තිමත් කරමින් පීපල්ස් රක්‍ෂණ සමාගම, මහජන බැංකුව සමඟ එක්ව මේ සුවිශේෂි නවීන පහසුකම් සහිත සේවා කවුළුව විවෘත කිරීමට යොමු වූයේ සිය සමස්ත ගනුදෙනුකරුවන් වෙත රක්‍ෂණ සේවා සලසා ගැනීම සඳහා පහසු ප්‍රවේශයක් නිර්මාණය කිරීමේ අරමුණිනි.

පවතින කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වනු ලැබූ මේ නව සේවා කවුළුව විවෘත කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්‍ෂ, පීපල්ස් රක්‍ෂණ සමාගමේ සභාපති ඉසුරු බාලපටබැඳි, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි සහ සාමාන්‍යාධිකාරි රන්ජිත් කොඩිතුවක්කු, පීපල්ස් රක්‍ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර යන මහත්වරුද එක් වූහ.

මහජන බැංකුවේ ස්ථාපිත මේ නව ව්‍යාපාරික කවුළුව වෙතින් මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් සහ එහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛ සේවාදායකයන් වෙත ආයතනික සහ පෞද්ගලික රක්‍ෂණ විසඳුම් මාලාවක් අත්විඳ ගැනීමේ අවස්ථාව මෙයින් සලසා දී ඇත. මේ යටතේ වාණිජ දේපළ රක්‍ෂණය, නාවික රක්‍ෂණය, වගකීම් රක්‍ෂණය, කණ්ඩායම් සෞඛ්‍ය රක්‍ෂණය මෙන්ම පෞද්ගලික රක්‍ෂණ, නිවාස රක්‍ෂණ, පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ, සූර්ය පැනල රක්‍ෂණ, මෝටර් රථ රක්‍ෂණ සහ සංචාරක රක්‍ෂණ ආදි සාමාන්‍ය රක්‍ෂණාවරණ ගනුදෙනුකරුවන් වෙත සේවා සලසා ගැනීමේ හැකියාව ඇත.

0 comment
0

Related Posts

Leave a Comment