Home විදෙස් පුවත් පිළිකාව කල් ඇතිව හඳුනා ගැනීමට සාර්ථක අත්හදා බැලීමක්

පිළිකාව කල් ඇතිව හඳුනා ගැනීමට සාර්ථක අත්හදා බැලීමක්

by Hela news

පූර්ව පිළිකා විනිශ්චය කිරීමේ පර්යේෂණයක් සාර්ථකව අත්හදා බැලීමට ඉන්දීය විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත. තවත් පර්යේෂණ කිහිපයකින් පසු එය සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට හැකි බවත්, එසේ වන්නේ නම් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන ගණනාවක් වටිනා චිකිත්සීය ඖෂධ සඳහා විශාල වෙළෙඳපොළක් නිර්මාණය කළ හැකි බවත් පෙන්වා දී තිබේ. සියයට සියයක නිරවද්‍යතාවකින් යුත් සරල රුධිර පරීක්ෂණයක් මගින් පූර්ව පිළිකා හඳුනාගැනීමට හැකියාව ඇති බවට එම විද්‍යාඥයන් කණ්ඩායම සොයාගෙන ඇත්තේ පුද්ගලයන් දහසක් පමණ යොදා ගනිමින් සිදුකළ සායනික අධ්‍යයනයක ප්‍රතිඵලයට අනුවය.

සිංගප්පූරුවේ පර්යේෂණාගාරයක් වන සාර් ආයතනය සමඟ එක්ව ඉන්දීය විද්‍යාඥයන් කණ්ඩායම මේ පර්යේෂණය සිදු කර ඇති අතර, පිළිකා රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු සිදු කෙරෙන පරීක්ෂණයකින් තහවුරු කරගැනීමට පෙර මෙවැනි පරීක්ෂණයකට පෙනී සිටීමෙන් ජීවිත හානි අවම කරගත හැකි බවට විශ්වාසය පළ වී තිබේ. එමෙන්ම මෙය මිල අධික නොවන පරීක්ෂණයක් බව ද කියැවේ.

0 comment
0

Related Posts

Leave a Comment