Home ව්‍යාපාර පුවත් පිට පිටම සිව්වන වසර සඳහාත් ‘වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම්’ සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගනී

පිට පිටම සිව්වන වසර සඳහාත් ‘වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම්’ සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගනී

by Hela news

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට නැවත වතාවක් තේරී පත්වීමට පසුගියදා සමත් විය. මෙම ඇගයීමට ලක් වූ ලැයිස්තුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 10 අතරට කොමර්ෂල් බැංකුව පිට පිටම තේරී පත් වූ සිව්වන අවස්ථාව මෙය වේ. මෙම සම්මානය ශ‍්‍රී ලංකාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතින් කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂිකාවක වන ශිරෝමාල් කුරේ මහත්මිය,

බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත් කළමනාකරණ, ඉසුරු තිලකවර්ධන මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා විසින් භාරගන්නා ලදී. මෙම අවස්ථාවට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියද සහභාගී විය.

0 comment
0

Related Posts

Leave a Comment