Home උණුසුම් පුවත් පිට පළාත්වල සිසුන්ට කොවිඩ් එන්නත ලැබෙන දිනය

පිට පළාත්වල සිසුන්ට කොවිඩ් එන්නත ලැබෙන දිනය

by Hela news

අවු. 20 ත් 30ත් අතර පසුවන 60%කට අධික පිරිසක් එන්නත්කරණයට

බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන්ට ලබන 21 වැනිදායින් පසු එන්නත්කරණයට පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මෙවර උසස් පෙළ පළමුවර සහ දෙවන වර පෙනී සිටින සිසුන් එන්නත්කරණයට ලක්කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, මේ වනවිට වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන 60 % කට අධික පිරිසක් එන්නත්කරණයට යොමුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment