Home ව්‍යාපාර පුවත් පැල්වත්ත සමාගම කිරි කර්මාන්තය නඟාසිටුවයි

පැල්වත්ත සමාගම කිරි කර්මාන්තය නඟාසිටුවයි

by Hela news

රී ලංකාවේ දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත කිරි සමාගම 2020 වසරට සාපේක්‍ෂව 24%ක කිරි එකතු කිරීමේ වර්ධනයක් වාර්තා කර තිබෙන අතර, එම සමාගම දිවයින පුරා කිරි එකතු කිරීමේ ජාලයේ 41%ක සමස්ථ වර්ධනයක් පෙන්නුම් කරයි.

මේ වැඩිවීම මඟින් සමාගමේ වර්ධනය පමණක් නොව කිරි කර්මාන්තය ආශ්‍රිත ප්‍රජාවන්, ආශ්‍රිත කර්මාන්ත සහ ක්ෂුද්‍ර ආර්ථිකයන්හි වර්ධනයක් පෙන්නුම් කරයි. “මේ දක්වා ලබා ඇති දියුණුව ගැන අපි නිහතමානි වෙනවා. වසංගතය නිසා බොහෝ අවිනිශ්චිතතාවන් ඇති කරනු ලැබුවා. අප වෙත අඛණ්ඩව සහයෝගය දුන් පාරිභෝගිකයන්, කාර්ය මණ්ඩලය සහ බලධාරීන් වෙත මාගේ ස්තූතිය පිරිනැමීමට කැමතියි” යැයි පැල්වත්ත කිරි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.

පසුගිය වසරේදී පැල්වත්ත කිරි ගොවිපොළෙහි පහසුකම් කිහිපයක් ස්ථාපිත කරමින් විධිමත් කළමනාකරණය සහ එහි මූලික නිපුණතාවන් ශක්තිමත් කර ඇත. සමාගම නව සිසිලන මධ්‍යස්ථාන ද පිහිටු වූ අතර, ලැබුණු SAPP පහසුකමද ඵලදායීව භාවිත කර ඇති අතර, පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ පවා නව රසයන් දෙකක්ද හඳුන්වා දුන්නේය.

මේ පියවරයන් සහ ප්‍රවේශයන් මඟින් ඵලදායි හා කාර්යක්ෂම සම්පත් භාවිතය සහතික කර ඇති සමාගම එමඟින් ඵලදායිතාව ඉහළ නැංවීම, ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම සහ කර්මාන්තය හා ආර්ථිකය පුනර්ජීවනය සිදු කරනු ලැබේ.

වසරේ මුල් කාර්තුව තුළදී ෆලූඩා සහ ජින්ජර් බිස්කට් ලෙස නව රස දෙකක් පැල්වත්ත රසයන් අතරට එක් කිරීමට සමාගම කටයුතු කළ අතර, මාස කිහිපයකින් එම රසයන් පාරිභෝගිකයන්ගේ ආදරණීයම රසයන් බවට පත්වීම විශේෂත්වයකි. නව සිසිලන මධ්‍යස්ථාන සහ කිරි ගබඩා කිරීමේ ඒකක 1,500ක් පිහිටුවීම සඳහා සමාගම රුපියල් මිලියන 35කට වැඩි මුදලක් ආයෝජනය කර ඇත. කිරි දෙවීමේ, ගබඩා කිරීමේ සහ කිරි එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ ස්ථාන ලෙස සේවා සැපයේ. මෙමගින් සවස්වරුවේ කිරි දෙවීමේ කටයුතු සඳහා ගොවීන් සම්බන්ධ කර ගෙන ඇති අතර, එයින් කිරිවල ගුණාත්මකභාවය ද ඉහළ ගොස් ඇත.

0 comment
0

Related Posts

Leave a Comment