Home ක්‍රීඩා පුවත් පැරා ක්‍රීඩකයන්ට ප්‍රමිතිගත ක්‍රීඩා ඇඳුමකට අවබෝධතා ගිිවිසුමක්

පැරා ක්‍රීඩකයන්ට ප්‍රමිතිගත ක්‍රීඩා ඇඳුමකට අවබෝධතා ගිිවිසුමක්

by Hela news

ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ප්‍රමිතියෙන් ඉහළ නව ක්‍රීඩා ඇඳුම් සැපයීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිිවිසුම මාස් ඉනොවේෂන් පෞද්ගලික සමාගමේ නවෝත්පාදන නිලධාරී රනිල් විතාරණ හා ජාතික පැරාලිම්පික් කමිටු සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් යන මහත්වරුන් හුවමාරු කර ගත් අයුරු. ඡායාරූපය – රංජිත් අසංක

ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ප්‍රමිතියෙන් ඉහළ නව ක්‍රීඩා ඇඳුම් සැපයීම සඳහා මාස් ඉනොවේෂන් පුද්ගලික සමාගම හා ජාතික පැරාලිම්පික් කමිටුව අතර අවබෝධතා ගිිවිසුමක් අත්සන් කරයි. ඉදිරි වසර දෙකක කාලයක් සඳහා මේ ගිවිසුම ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී සහභාගීවන අන්තර්ජාතික හා දේශීය තරගවලදී නිල ඇඳුම් සැපයෙන අතර පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් හා තේරීම් පරීක්ෂණවලදීද මේ ඇඳුම් සැපයේ.

නව ගිවිසුමට අනුව පළමු වතාවට නිල ක්‍රීඩා ඇඳුම් ලබන මස 2 වැනිදා බහරේනයේදී ආරම්භ වන ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උලෙළට සහභාගීවන ක්‍රීඩා කණ්ඩායමට ප්‍රදානය කිරීම ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී සිදු විය. එම ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකු සහ පිහිනුම් ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගී කර වීමට සූදානමින් සිටිති.

ශ්‍රී ලංකාවේ මිලියන 1.7කට අධික පිරිසක් යම් කුමන හෝ ආබාධ තත්ත්වයකින් පසු වන අතර, එයින් පැරා ක්‍රීඩා සඳහා යොමුවන වයස අවුරුදු 15ත් 35ත් අතර පිරිස සමාජ හා ආර්ථීක අභියෝගයන් හේතුවෙන් ක්‍රීඩාව අත්හැර දමන බව සොයාගෙන ඇත. ක්‍රීඩාවට යොමු වන අයගෙන් ඉතා ස්වල්ප දෙනකු පමණක් ක්‍රීඩා සමාජ මට්ටමින්, ජාතික තලයෙන් හා අන්තර්ජාතික මට්ටමෙන් දක්ෂතා දක්වති. එබැවින් සියලු පැරා ක්‍රීඩකයන් දිරි ගැන්වීම අරමුණු කොට ඔවුන්ගේ විවිධ පහසුකම් සැලසීමට කටයුතු සංවිධාන කොට ඇතැයි ජාතික පැරාලිම්පික් කමිටු සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහයෝගය දැක්වීමට හා ඔවුන් සවිබල ගැන්වීමට හැකිවීම තම ආයතනය ලැබූ භාග්‍යයක් බව මාස් ආයතනයේ නවෝත්පාදන නිලධාරී රනිල් විතාරණ මහතා සඳහන් කළේය. වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය ඇඳුම් භාවිතයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ දුෂ්කරතාවලට පත්වන හෙයින් මාස් ආයතනය වෙනම අනුවර්තන ඇගලුම් නිෂ්පාදනය වසර 2019 සිට ආරම්භ කළ බවද ඒ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment