Home දේශීය පුවත් පැන්ඩෝරා පත්‍රිකා ගැන රංජන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසම සැරසෙයි

පැන්ඩෝරා පත්‍රිකා ගැන රංජන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් කොමිසම සැරසෙයි

by Hela news

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳ බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

රංජන් රාමනායක මහතා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව මේ ප්‍රකාශය ගැනීමට නියමිත බවත් ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිතය. ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය ඇමැතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය ‘දිනමිණ’ට ඊයේ (4) පැවසුවාය.

එම විමර්ශන තවදුරටත් කරන බවත් තිරුකුමාර් නඩේසන් මහතාගේ බැංකු කටයුතු සහ රාජ්‍ය ආයතන මඟින් ගත් ලියකියවිලි විමර්ශන කණ්ඩායම් අධ්‍යයනය කරමින් ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

0 comment
0

Related Posts

Leave a Comment