පාස්කු ප්‍රහාරය: ‘මාවනැල්ලේ තස්ලිම්’ සහරාන්ට එරෙහි ආරක්ෂක මෙහෙයුම්වලට සහය දුන් හැටි

0
28


  • ෂර්ලි උපුල් කුමාර
  • බීබීසී සිංහල

වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තස්ලිම් ආරක්ෂක අංශ වෙත සිය ජීවිත අවදානම නොතකා සහය ලබා දෙන ලදී.
ඡායාරූප ශීර්ෂ වැකිය,

වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තස්ලිම් ආරක්ෂක අංශ වෙත සිය ජීවිත අවදානම නොතකා සහය ලබා දෙන ලදී.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පෙර සිටම සහරාන් ඇතුළු කණ්ඩායම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව හඳුනාගත් සියලු ජාතීන්ට අයත් සිවිල් පුරවැසියන් ආරක්ෂක අංශ වලට සහය වූ බව නොරහසකි. මාවනැල්ලේ, මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් ද ඒ අතර සිටි තරුණයෙකි.

වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තස්ලිම් සිය ජීවිත අවදානම නොතකා ආරක්ෂක අංශ වෙතසහය දෙන ලදී. ඉන් කුපිත වූ සහරාන්, සිය සැලසුම් අවුල් කරන තස්ලිම් වෙඩි තබා ඝාතනය කිරීමට සිය සගයන් යෙදවීය. 2019 මාර්තු 09 වැනි දින තස්ලිම්ගේ හිසට වෙඩි තබා තිබුණේ ඔහු නිවසේ නිදා සිටියදීය. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු තස්ලිම් දින 20ක් සිහිසුන්ව සිටියේය.

2019 මාර්තු 27 වැනි දින පානදුර, පරත්ත පාරේ පිහිටි නිවසක පැවති සාකච්ඡාවකදී සහරාන් විසින් තස්ලීම්ගේ නම සඳහන් කරනු ලැබ තිබිණි. එදින පැවති රැස්වීමේ තොරතුරු කවුරුන් හෝ හෙළිදරවු කළොත් ඔවුන්ට වවුනතිවු හිදී මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ මාවනැල්ලේ තස්ලිම්ට අත් වූ ඉරණම අත්වන බවට අනතුරු අඟවමින් සහරාන් අදාළ සාකච්ඡාව අවසන් කර තිබිණි.

වෙඩි වැදීමෙන් අනතුරුව තස්ලිම් රැකියාවක් කළ නොහැකි තත්ත්වයට පත් වී තිබේ. එමෙන්ම ආරක්ෂක හේතුන් මත ඔහුගේ සංචරණය ද සීමා කර ඇත. පැය 24 පුරා පොලිස් ආරක්ෂාව මැද ජීවත් වන තමන්ට දැන් අවසර ඇත්තේ සිකුරාදා පල්ලියට සහ රෝහලට යෑමට පමණක් බව තස්ලීම් කියා සිටියේය.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here