Home උණුසුම් පුවත් පාසල් පෙර පාසල් ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොවීම ගැන විමර්ශනයක්

පාසල් පෙර පාසල් ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොවීම ගැන විමර්ශනයක්

by Hela news

පෙර පාසල් සහ පාසල් ගොඩනැඟිලිවලට ඇස්බැස්ටෝස් යොදා ගැනීම තහනම් කිරීමට ගත් තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

2021 වර්ෂය අවසන් වීමට පෙර අලුතෙන් ඉදිකෙරෙන පාසල් හා පෙර පාසල් ගොඩනැඟිලිවලට ඇස්බැස්ටෝස් යොදා ගැනීම තහනම් කිරීමේ යෝජනාවකට මීට මාස තුනකට පෙර කැබිනට් අනුමැතිය හිමිව ඇතත් මේ දක්වා එම තීන්දුව ක්‍රියාත්මක කර නොමැති බව අමාත්‍යවරයා පැවසීය. අමාත්‍ය මණ්ඩල තීන්දුවක් මාස දෙකක් ඇතුළත ක්‍රියාත්මක විය යුතු වුවත් ඇස්බැස්ටස් තහනම් කිරීමේ තීන්දුව එසේ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බව අමාත්‍යවරයා කීය. මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නේ යැයි අදාළ නිලධාරියා ප්‍රකාශ කළ නමුත් වරද සිදුව ඇත්තේ කොතැනද යන්න සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment