Home කාලීන පුවත් පාසල් දරුවන්ට ලබන මාසේ සිට යළිත් ටියුෂන්

පාසල් දරුවන්ට ලබන මාසේ සිට යළිත් ටියුෂන්

by Hela news

වසර එකහමාරකට අධික කාලයක් කොවිඩ් වසංගතයෙන් බැට කෑ ජනතාවගේ දෛනික ජීවන රටාව මේ වනවිටත් කනපිට පෙරළෙමින් පවතී. ආර්ථිකය පහළ ගොස් ඇති වටපිටාවක රටේ දරුවන්ගේ අධ්‍යාපනයද මේ වනවිටත් කඩාකප්පල් වී ඇත. වසරක් පාසා පැවැත්වෙන විභාග නිසි කාලයට පැවැත්වීමට නොහැකිවීමත්, වාර්ෂික විෂය නිර්දේශයන් නිසි පරිදි දරුවන්ට ලබාදීමට නොහැකිවීමත් සමඟ දරුවන්ගේ අධ්‍යාපනය මේ වනවිට ඇත්තේ පසුගාමී තත්ත්වයකය. යම් මට්ටමින් Online තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම්වල නිරත වුවද මේ වනවිටත් රටපුරා පවතින ගුරු වර්ජනය හේතුවෙන් ඒ ඉගැන්වීම්ද නතර වී ඇත. කෙසේ වුවද පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් ඉගැන්වීමට යොමුවන දරුවන්ගේ අධ්‍යාපනය අමතර ඉගැන්වීම් කරන ගුරුවරු නොනවත්වා Online තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යති.

මේ වනවිට ටියුෂන් පන්ති පමණක් නොව මේ මුළු කාලය පුරාම ලංකාවේම පාසල් අධ්‍යාපනය වැහිලයි තියෙන්නේ. මේ තත්ත්වය උදාවුණේ කොවිඩ් වසංගතය එන්නටත් පෙර සිටමයි. 2019 වසරේ පාස්කු ඉරිදාවේ එල්ලවුණු සහරාන්ගේ ප්‍රහාරයත් එක්කමයි. මේ නිසාම සැලකිය යුතු කාලයක් පාසල් මෙන්ම අමතර පන්තිත් රටේ වහන්න සිදුවුණා. ඒ නිසා මේ අධ්‍යාපනය Lockdown වුණ දෙවසරක් නෙවෙයි. මේ ගෙවෙන්නේ අධ්‍යාපනය Lockdown වුණ තෙවසරක්. මේ නිසා මේ අසරණ වුණ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කිසිවක්ම කරගත නොහැකිව සිටින කාලයක්. Online තාක්ෂණය ඔස්සේ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම යෝග්‍ය යැයි මම විශ්වාස කරනවා. බොහොමයක් රටවල්වල Online අධ්‍යාපනය වගේම Online විභාගත් පැවැත්වෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමින් මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමට පෙර පැවැත්විලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමය අලුත් පරම්පරාව අලුත් දෙයක් වැළඳ ගැනීමේ සංක්‍රාන්ති අවස්ථාවක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. ඇතැම්විට මේ කොවිඩ් වසංගතය දීර්ඝකාලීනව පැවැතුණොත් අධ්‍යාපනයට එකම විසඳුමත් මෙය වෙන්නත් පුළුවන්.

යැයි සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ හිටපු මහ ලේකම් තිරංජය ගම්ලත් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අතරේ ගුරු වර්ජනයක් රටපුරා ඇතිවීමත් සමඟ Online ක්‍රමයට හෝ පාසල් අධ්‍යාපනයක් ලබාගත් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය අතරමඟ නතරවුණා. පාසල් ගුරුවරුන් ඉගැන්වීමෙන් ඉවත් වුවද අමතර පන්ති පවත්වන ටියුෂන් ගුරුවරු තම Online ඉගැන්වීම් සුපුරුදු පරිදි කරගෙන ගියහ. එකම &ගුරු* වෘත්තිය කරගෙන යන මොවුන් දෙවිදියකට දරුවන්ට සැලකීම පිළිබඳව බොහෝ දෙනා චෝදනා කරති. බොහෝ ගුරුවරු බොහෝමයක් අමතර පන්ති පවත්වා අමතර ආදායම් ලබා ගනිති. මේ ගුරු වර්ජනයේදී එවැනි ගුරුවරුන් පාසල් අධ්‍යාපනයෙන් ඈත්ව නියමිත ගුරු වැටුප නියමිත දිනයේදී ලබාගෙන ගුරු වර්ජනයට සහයෝගය ලබාදෙන අතරේ තම අමතර ඉගැන්වීම් පවත්වමින්ද අමතර ආදායමක් ලබාගනිමිනි. මේ හේතුවෙන් නිසැකවම පීඩා විඳින්නේ මේ රටේ අනාගත දරු පරපුරය.

පාසල් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ඇති ගැටලු ටියුෂන් ගුරුවරයෙක් විදිහට මට අදාළ වෙන්නේ නැහැ. අපි පෞද්ගලික අංශයේ කොටසක්. ඇත්තටම ගුරුවරුන්ට අවුරුදු ගණනක් තිස්සේ ගැටලුවක් ඇති බව අපිටත් වැටහිලා තිබෙනවා. නමුත් පාසලේ උගන්වන්නේ නැතිව පන්තියේ උගන්වනවාද කියන කරුණ කොයිතරම් දුරට සදාචාරද කියන එක පෞද්ගලිකව ඒ ඒ ගුරුවරුන්ගෙන් අහන්න බැරිවෙලා තියෙනවා. ඔවුන් කිසියම් වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉඳිද්දී එහෙම එකක් තියෙනවානේ. අපේ රුකියාවට වෘත්තිය සංගමයක් තිබුණාට අපි වැඩවර්ජනය කළ නොහැකි වෘත්තිකයන් පිරිසක්. ඒක තමයි රජයේ පාසැල් ගුරුවරුන් සහ වෘත්තීය උපකාරක ක්ෂේත්‍රයේ පන්ති මෙහෙයවන අපේ වෙනස.* යැයිද තිරංජය ගම්ලත් මහතා කියයි.

පාසලේදී එක් පන්තියකට උපරිම දරුවන් හතළිස් පහක් වැනි සංඛ්‍යාවකට දරුවන්ට එකවර ඉගැන්වීම් කරති. නමුත් මේ අමතර පන්තිවල දරුවන් එකවර සිය ගාණක සංඛ්‍යාවක් එකවර ඉගෙන ගනිති. Online තාක්ෂණය ඔස්සේද ගැටලුවක් නොමැතිව මෙම විශාල සංඛ්‍යාවකට එකවර ඉගැන්වීම් කරගත හැකි පහසුකම් ඇත. Online ක්‍රමයේදී මේ වනවිට සුලභව පාවිච්චි වන්නේ 200m තාක්ෂණයයි. මේ නිසා මේ වනවිට 100, 300, 1000 වැනි පැකේජයන් යටතේ 200m තාක්ෂණයෙන් දරුවන්ට එකවර ඉගැන්වීම් කරගත හැකිය. මේ අනුව 200m තාක්ෂණය ඔස්සේ Online ක්‍රමයට එකවර දරුවන් දාහකට වුවද දරුවන්ට ඉගැන්විය හැකිය. ඊට වැඩි දරුවන් සංඛ්‍යාවක් ඇත්නම් Link දෙකක් යොදා එකවර ගැන්විය හැකිය.

කොවිඩ් වසංගතය නිසා අපිට ලැබුණ අලුත් අත්දැකීම් හැටියට අපි විසින් අධ්‍යාපන කටයුතු සඳහා අපේ උපකාරක පන්ති නමින් අපි විසින් සාදාගත් APP තියෙනවා. එම APP මගින්ද පාඩම් විකාශනය කරන වැඩ කරනවා. ඒ නිසා දරුවා වෙත ළඟාවීමට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ටියුෂන් ගුරුවරයාගේ ලබන වසරේ පැවැත්මක් ඇතිවෙන්නේ මේ අවුරුද්දේ විෂය නිර්දේශය නිවැරදිව කර, පුනරීක්ෂණ අභ්‍යාස සිදුකොට දරුවා පතන විශිෂ්ට සාමාර්ථය ලබාදුන්නොත් විතරයි. ඒ නිසා ටියුෂන් ගුරුවරු දිවා රාත්‍රි නොබලා තමන්ගේ අනන්‍යතාවය රුකගන්නට වැඩ කරනවා. ඒ විදිහට අනිත් ක්ෂේත්‍රවල අය ක්‍රියාකරනවා නම් රට කොවිඩ් ඇතත් නැතත් මීට වඩා දියුණු කරගන්න පුළුවන් වේවි.* ඔහු කීය.

මේ රටේ අහිංසක අසරණ වුණ මව්පියන්ගෙන් බොහෝමයකට අමතර පන්ති වෙත දරුවන් යොමුකරලන්නට හැකියාවක් නැත. පහුගිය කාලවලදී යොමුකළ හැකි ආර්ථිකයක් පැවතියද ඇතැම් මව්පියන්ට මේ පවතින ආර්ථික පසුබිම හේතුවෙන් එසේ කළ නොහැක.

සමාජයේ හැමදාමත් අසාධාරණය පවතිනවා. කොයි ක්ෂේත්‍රයක් ගත්තත් එවැනි අසාධාරණකම් සිදුවෙනවා. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී අනෙකුත් ක්ෂේත්‍රවලට වඩා අපිට සංවේදීවන්නට සිදුවෙනවා. රජයේ රෝහල් වසා තැබුවත් පෞද්ගලික රෝහල්වලට ගොස් වෛද්‍යවරුන් තම සේවය ලබාදෙනවා. නමුත් ටියුෂන් ගුරුවරුන් ළඟ Free කාඩ්පත් තියෙනවා. මට මේ වෙලාවේ එවැනි දුෂ්කර පළාතක ඉන්න දරුවන් වෙනුවෙන් කවුරුන් හෝ මැදිහත්ව කටයුතු කරනවා නම් දරුවන් පන්සීයකට වුණත් මගේ Online තාක්ෂණයට සම්බන්ධ කරගෙන ඒ දරුවන්ට ‍නොමිලේ උගන්වන්න මට පුළුවන්. ඒ නිසා පාසැලක අධ්‍යාපනය ලබාදීම අතිශය වැදගත් කාරණාවක්. ඇති නැති භේදය ලෝකයේ හැම රටකම තියෙනවා. එවැනි අහිංසක දරුවන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ඕනෑතරම් ටියුෂන් ගුරුවරුන් ඉන්නවා.*

ඔහු එලෙස පැවසුවද මේ රටේ ඇතැම් ටියුෂන් ගුරුවරුන් තමන්ගේ නියමිත මුදල නියමිත දිනයට බැංකුවට දරුවන්ගේ මව්පියන් බැර කළේ නැත්නම් එවැනි දරුවන්ට ඒ අදාළ link තාක්ෂණය ලබානොදෙන බවට ඇතැම් මව්පියෝ චෝදනා කරති.

මිනිස්සු විවිධාකාරයි. ඕනෑම ක්ෂේත්‍රයක අය එහෙමයි. එහෙම මුදලටම හිතන වෘත්තිකයන් නිසා සමස්ත වෘත්තිකයන්ටම එහෙම බලන එක අසාධාරණයි. තාක්ෂණික ක්‍රමවේදයක් එක්ක ගනුදෙනු කරද්දී මෙවැනි දේ මතුවෙනවා. අදාළ මුදල ගෙවා නැතිනම් තාක්ෂණික වශයෙන් ඇතැම් විට ඒ ගෙවීම් කළ දිනය පෙන්වන්නේ නැතිවෙනවා. තාක්ෂණයට හදවතක් දෙන්න විදිහක් නැහැ. පුද්ගලයින්ගේ ආචාර ධර්මය අනුව ඔවුන් ගන්න තීරණ වෙනස් වෙනවා.*
කෙසේ වුවද මෙවැනි තත්ත්වයන් හමුවේ නොවැම්බර් 01 වැනිදා වනවිට අමතර පන්ති ආරම්භ කළ හැකි බවට ඇතැම්හු පවසති.

&හිටපු ගුරුවරුයෙක් වුණ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතාත්, හිටපු උපකාරක ගුරුවරයෙක් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඇතුළු කිහිප දෙනෙක් බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා සමඟ ඔය පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව සඳහන් වෙනවා. නමුත් ඒ සම්බන්ධව ස්ථීර විසඳුමක් ලැබුණ බවට තවම සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වනවිට ඒ සම්බන්ධව නිශ්චිත තීරණයක් කියන්න අමාරුයි. සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ අවසරය ඇතිව නොබෝ දිනකින්ම මෙම උපකාරක පන්ති අරඹන්නට අපිට හැකිවේවි යැයි අපිද විශ්වාස කරනවා.* තිරංජය ගම්ලත් මහතා සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment