පාසල් ගුරුවරුන් සඳහාද කොරෝනා මර්දන එන්නත ලබා දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වැනිදා ආරම්භ වී මාර්තු 10 වැනිදා තෙක් පැවැත්වෙන බැවින් සහ විභාගය අවසන් වීමෙන් පසු ප්‍රශ්නපත්‍ර බැලීමට ගුරුවරුන් යොමුකර ගන්නා නිසා ඔවුන්ට මෙම එන්නත ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
මේ හා සමගාමීව හැකියාවක් පවතී නම් විභාග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටද කොරෝනා මර්දන එන්නත ලබාදෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.