Home උණුසුම් පුවත් පාසලක ප්‍රාථමික ශ්‍රේණි වසා දැමෙයි.

පාසලක ප්‍රාථමික ශ්‍රේණි වසා දැමෙයි.

by Hela news

අයහපත් කාලගුණය හේතුවෙන් බලපිටිය, ශ්‍රීපති මහා විද්‍යාලයේ 1 සිට 5 දක්වා පන්ති අද (29) දිනයේ වසාතැබීමට කටයුතු කළ බව විදුහල්පති  ජී. අයි. ද සොයිසා මහතා පැවසීය.

විදුහල්පතිවරයා පවසා සිටියේ,  පාසල් භූමියේ වැසි ජලය බැස යන කාණු පද්ධතිය අවහිරවී ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි ජලයෙන් යටවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවය.

ඒ පිළිබඳව බලපිටිය ප්‍රාදේශීය සභාව⁣ට හා අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයටද දැනුම්දුන් බව විදුහල්පති වරයා වැඩිදුරටත් පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment