Home උණුසුම් පුවත් පාලම් පාරුවේ අනතුර තවත් දැරියකගේ ජීවිතය බිලි ගනී.

පාලම් පාරුවේ අනතුර තවත් දැරියකගේ ජීවිතය බිලි ගනී.

by Hela news

ත්‍රිකුණාමලය කින්නියා කුරින්ජන්කේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් දැරියක් මියගොස් තිබේ.

ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දැරියක් එලෙස ඊයේ (27) රාත්‍රියේ මියගොස් ඇති බව කින්නියා පොලීසිය පැවසීය.

පසුගිය 23 වනදා උදෑසන මෙම අනතුර සිදුව තිබූ අතර එම අවස්ථාවේ පාසල් ළමුන් ඇතුළු 25 දෙනෙකුට අධික පිරිසක් එහි ගමන් කරමින් සිට තිබූ බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් අවුරුදු 03ත් 08ත් අතර ළමුන් සිව් දෙනෙකු, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

දියේ ගිලී අනතුරට ලක්වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා කින්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන රෝහල් වෙත ඇතුළත් කර තිබුණි.

මේ අතර සිද්ධියට අදාළ පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැනුණු අතර පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා පසුගිය 26 වනදා අත්ඩංගුවට ගැනුණි.

0 comment
0

Related Posts

Leave a Comment