Home ව්‍යාපාර පුවත් පාරිසරික තිරසර අංශයේ හොඳම කාර්යසාධනය නෙස්ලේ ලංකා සමාගමට

පාරිසරික තිරසර අංශයේ හොඳම කාර්යසාධනය නෙස්ලේ ලංකා සමාගමට

by Hela news

වමේ සිට දකුණට : ඉසුරි අලහකෝන් (සහකාර කළමනාකාරිනි, ආයතනික සන්නිවේදන) බන්දුල එගොඩගේ (උප සභාපති ආයතනික සහ නියාමන කටයුතු) ජේසන් ඇවන්සෙන්‍යා (කළමනාකාර අධ්‍යක්ෂ) සහ රධිනි ද කොස්තා (සහකාර උප සභාපතිනි, සන්නිවේදන) මහත්ම මහත්මීහු සම්මාන අතැතිව ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

නෙස්ලේ ලංකා සමාගම පසුගියදා පැවති 2021 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උලෙළේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. සමාගමේ පරිසර හිතකාමි ප්‍රයත්නයන්ට ඉහළ පිළිගැනීමක් හිමි කර දෙමින්, ආයතනික පාරිසරික කැපවීම (Corporate Environmental Commitment), ව්‍යාපාරයෙන් එහා පරිසරය (Environment Beyond Business) යන කාණ්ඩයන්හි ජයග්‍රහණ සහ පාරිසරික තිරසරභාවය පිළිබඳ ත්‍රිත්ව අංශ (Triple Bottom Line Award on Environmental Sustainability) සම්මානය දිනා ගනිමින් පාරිසරික කාණ්ඩයේ හොඳම කාර්යසාධනය වාර්තා කිරීමට සමාගමට හැකි විය. එමෙන්ම 2021 වසර තුළ ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත් වීමටද සමාගම සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මේ ගෞරවනීය සම්මාන උලෙළේදී තිරසරභාවයේ ත්‍රිත්ව අංශයන්ගේ එනම ප්‍රජාව, පරිසරය සහ ලාභය යන අංශවල ඉහළ කාර්යසාධනයක් අත් කර ගන්නා තිරසර ආයතනික ශූරයන්ව ඇගයීමට ලක් කෙරේ.

″පාරිභෝගිකයන් සහ ප්‍රජාව වෙත යහපත සලසන අතරතුර පරිසරය වෙනුවෙන් අප දෙන දායකත්වය ඇගයීමට ලක්වීම විශාල ගෞරවයක්. පුළුල් වශයෙන් පුනර්ජනන ආහාර පද්ධති නිර්මාණය කිරීමට කටයුතු කරන අතරතුර අහිත කර වායු විමෝචනය ශූන්‍ය කිරීමේ ගමනත් අපි වේගවත් කර තිබෙනවා. ගොවිපොළේ සිට මේසය වෙත ආහාර සැපයීමේ සැපයුම් දාමය තුළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හෝ නැවත භාවිත කළ හැකි ඇසුරුම් භාවිත කිරීම සහ චක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් බිහි කිරීම ආදිය මඟින් ප්ලාස්ටික් දූෂණය වළක්වා ගැනීමටත් අප විසින් විවිධ පියවර ගණනාවක් ගනු ලැබුවා. මේ වසරේදී අපි Ready-to-Drink නිෂ්පාදන සඳහා කඩදාසි බීම බටයක් හඳුන්වා දුන්නා. ඊට අමතරව, ශ්‍රී ලංකාව තුළ භාවිත කෙරෙන විෂබීජහරණය කළ පාන වර්ග ඇසුරුම් එක්රැස් කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණ කිරීමේ පහසුකමක් පිහිටුවීමට සහාය වූවා. අපි ඉදිරියටත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ එක්ව පාරිභෝගිකයන් තුළ පරිසර හිතකාමි චර්යාත්මක වෙනස්කම් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම වාර්ෂිකව අපගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන අතරේ නවීන තාක්ෂණය හා නවෝත්පාදන යොදා ගනිමින් නිෂ්පාදන ක්‍රියාවලියේදී බලශක්තිය සහ ජලය භාවිත කිරීම අවම කිරීමටත්, අහිත කර වායු විමෝචනය අවම කර ගැනීමටත් හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට අප කැපවී සිටින බව පවසන්නේ මහත් අභිමානයෙන් යුතුවයි. අප මේ දක්වා ක්‍රියාවට නංවා ඇති ප්‍රයත්නයන් ඇගයීමට ලක්වීම තුළින් සැබවින්ම අපගේ උද්යෝගය වර්ධනය කෙරෙනවා. මෙය දිගු ගමනක පටන් ගැන්ම පමණයි. අපගේ සැපයුම් දාමය තුළ සිටින පාර්ශ්වකරුවන් සමඟ එක්ව හරිතවත් ශ්‍රී ලංකාවක් සඳහා යහපත් බලවේගයක් ලෙස අඛණ්ඩව කටයුතු කිරීමට අපි කැපවී සිටිනවා″ යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා පැවසීය.

නෙස්ලේ ලංකා සමාගම මෙරට හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත්වූ හත්වැනි වසර මෙයයි. මීට පෙර අවස්ථා දෙකකදී නෙස්ලේ සමාගම ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස ගෞරවයට පාත්‍ර වූ අතර, අංශ 18කට අදාළව සම්මාන දිනා ගෙන තිබේ. ප්‍රජා සබඳතා, සේවක සබඳතා, පාරිභෝගික සබඳතා අංශ ඇතුළුව රටට දුන් ධනාත්මක දායකත්වය අගයමින් මෙසේ විවිධ අංශ ඔස්සේ සම්මානයට පාත්‍ර වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment