Home ව්‍යාපාර පුවත් පාන්පිටි මිල වැඩි කළොත් නඩු දානවා

පාන්පිටි මිල වැඩි කළොත් නඩු දානවා

by Hela news

පාරිභෝගික අධිකාරිය

පාන්පිටි මිල වැඩි කරමින් පාරිභෝගිකයන් අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ මීට පෙර සිව් වතාවක් මේ ආකාරයට පාරිභෝගික අධිකාරියේ අවසර නැතිව පාන්පිටි මිල වැඩි කරන්න කටයුතු කළ අවස්ථාවේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කළ නිසා ඒ අය මිල වැඩි කිරීමේ තීරණය අත්හැර දැමූ බවයි.

එබැවින් මෙවරද පාරිභෝගික අධිකාරියේ අවසරය නැතිව පාන්පිටි මිල වැඩි කිරීමට උත්සාහ කළොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment