Home කාලීන පුවත් පාතාලය හෙල්ලූ ගන්දර සමන් ආමි අමිල STF අත්අඩංගුවට.

පාතාලය හෙල්ලූ ගන්දර සමන් ආමි අමිල STF අත්අඩංගුවට.

by Hela news

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන ‘ගන්දර සමන්‘ සහ ‘ආමි අමිල‘ යන දෙදෙනා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කළ වැටලීම්වලදී ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

ගන්දර සමන් නමැත්තා ටී – 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, ටී – 56 වර්ගයේ උණ්ඩ 12ක් සහ කඩුවක් සමඟ පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ආමි අමිල අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780ක් සහ තහනම් කඩුවක් ද සොයා සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඒ. සී. කේ මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගන්දර පොලිස් වසමේ තලල්ල දකුණ ගන්දර ප්‍රදේශයේදී කරන ලද වැටලීමකින් ගන්දර සමන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී නිවෙසක් තුළ සඟවා තිබූ ආරක්ෂක අංශ නිලධාරීන් භාවිත කරන බූට් සපත්තු යුගලක්ද හමුවී ඇති අතර, මොහු ආරක්ෂක අංශයක යැයි පවසා ජනතාව බියවද්දා අපරාධයන්ට හවුල් වූවා දැයි සොයා බැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විශේෂ කාර්යය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කීය. පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන සංවිධානාත්මක අපරාධ මැඬලීමේ විශේෂ මෙහෙයුම් අතරතුර ⁣සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.

වයස අවුරුදු 49ක් වන ගන්දර ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගන්දර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නමැත්තාගේ ගෝලයකු ලෙස සැලකෙන ආමි අමිල අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල දංකැටිය ප්‍රදේශයේ කළ වැටලීමකදීය.

2004 වර්ෂයේදී වීරකැටියේ සුනිල් නමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2004 වර්ෂයේදී වීරකැටියෙ ධර්මේ නමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2005 වර්ෂයේදී රදම්පල ගජනායක නමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2015 වර්ෂයේදී පල්ලිකුඩා උක්කුං නමැත්තා T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම ඔහුට එල්ලවී ඇති මනුෂ්‍ය ඝාතන චෝදනා වෙයි.

මීට අමතරව සැකකරු විසින් කොල්ලකෑම් සහ පහරදීම් කර ඇති බවටද වාර්තා ඇති බව සඳහන්ය. ඔහු දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නමැත්තාගේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් සඳහා සෘජු සම්බන්ධතා පවත්වන ලද අයකු බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment