Home විදෙස් පුවත් පාකිස්තාන මාධ්‍යවේදීන් 23කට නඩු

පාකිස්තාන මාධ්‍යවේදීන් 23කට නඩු

by Hela news

අවම වශයෙන් මාධ්‍යවේදින් සහ තොරතුරු ගවේෂකයන් 23 දෙනකුට පාකිස්තාන සයිබර් නීතිය යටතේ නඩු පවරා ඇතැයි මාධ්‍ය අයිතිවාසිකම් නිරීක්ෂණ ආයතනයක වාර්තාවකින් පෙන්වා දෙයි. පසුගිය වසර දෙකක කාලය ඇතුළත මේ නඩු පැවරීම සිදු වී ඇතැයි ද එම වාර්තාවෙන් සඳහන් කර තිබේ.

පාකිස්තානයේ ස්වාධීන මාධ්‍ය හා සිවිල් ආයතනයකින් මෑතකදී ප්‍රකාශයට පත් කළ මේ වාර්තාවට අනුව එරට සයිබර් අපරාධ නීතිය යටතේ සාපරාධි අපහාස කිරිම් සහ පදනම් රහිත විවේචන වශයෙන් වර්ග කරමින් එම මාධ්‍යවේදින්ට නඩු පැවැරීමට කටයුතු කර ඇත. මීට අමතරව තවත් මාධ්‍යවේදින් 70ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, එසේ අත්අඩංගුවට ගත් මාධ්‍යවේදින්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවේ සිටියදී නොයෙකුත් වධ හිංසාවලට ලක්වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වී ඇතැයි කියැවේ. එරට ස්වාධීන මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ ඉක්බාල් කටාක් ප්‍රකාශ කර ඇත්තේ සම්ප්‍රදායික මාධ්‍ය මත යටපත් කර ඇති ස්වාධීන පුවත් සහ විවේචනාත්මක විවරණ බෙදා හදා ගැනීමට එරට බහුතර ජනතාව අන්තර්ජාල මාධ්‍ය පරිහරණය කරන බවය.

0 comment
0

Related Posts

Leave a Comment