Home ක්‍රීඩා පුවත් පාකිස්තාන ක්‍රිකට් ජය සැමරූ ඉන්දියානුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

පාකිස්තාන ක්‍රිකට් ජය සැමරූ ඉන්දියානුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

by Hela news

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

ඉන් අනතුරුව ඉන්දියාවේ වෙසෙන සමහර මුස්ලිම් පිරිස් ද පාකිස්තාන ජයග්‍රහණය සමරමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූ බවට වාර්තා පළ විණි.

එම තරගය අතරතුර පාකිස්තාන ක්‍රීඩකයින් ට සහාය පළ කරමින් ජය ඝෝෂා නැගූ කාශ්මීර් සිසුන් තිදෙනෙක්ව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් ඉන්දීය විරෝධී පාඨ කියමින් කෑ ගසමින් අන් ජනතාව කුපිත කළ බවට චෝදනා එල්ල විය.
 
එම තරගයෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයෙක් වන ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් ශමී ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් මතු කෙරිණි.

සමහර මාධ්‍ය පැවසුවේ පරාජය භාර නොගෙන අනවශ්‍ය ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට ඉන්දියානුවන් කටයුතු කරන බවය.

0 comment
0

Related Posts

Leave a Comment