Home ක්‍රීඩා පුවත් පාකිස්තානය ට ජය

පාකිස්තානය ට ජය

by Hela news

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර පැවැති තරගය ලකුණු 72කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පාකිස්තාන කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 66ක් රැස්කළ අතර ෂොයිබ් මලික් නොදැවී ලකුණු 54ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්රිස් ග්රීව්ස් කඩුලු 2ක් දවා ගත් අතර හම්සා තාහීර් සහ සෆියාන් ෂරීෆ් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 117ක් පමණි.

එහිදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් රිචී බෙරින්ටන් නොදැවී ලකුණු 54ක් රැස් කළ අතර ජෝර්ජ් මන්සි ලකුණු 17ක් රැස් කළේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂඩාබ් ඛාන් කඩුලු 2ක් දවා ගත් අතර හසන් අලි, හරිස් රවුෆ් සහ ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

0 comment
0

Related Posts

Leave a Comment