Home විදෙස් පුවත් පාකිස්තානයේ කඩාකප්පල්කාරීන්ට මාධ්‍ය ආවරණ නෑ

පාකිස්තානයේ කඩාකප්පල්කාරීන්ට මාධ්‍ය ආවරණ නෑ

by Hela news

පාකිස්තානයේ තහනම් කරන ලද දේශපාලන පක්ෂයක් වන ටෙහ්රීක් ඊ ලෙබ්බෙක් පක්ෂයේ ක්‍රියාකාරකම් ආවරණය කිරීම එරට විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය විසින් තහනම් කරනු ලැබීය. එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මේ තහනම පාකිස්තානයේ රූපවාහිනි නාලිකා සහ සියළුම මාධ්‍යවලට බලපාන පරිදි සිදු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරියේ නීතිරෙගුලාසිවලට අනුව මේ තහනම සිදු කර ඇතැයි ද, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ටෙහ්රීක් ඊ ලෙබ්බේක් පක්ෂයේ සියළු ක්‍රියාකාරකම් සඳහා මාධ්‍ය ආවරණය සැපයීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසත් හඳුන්වා තිබේ.

ඒ අනුව තහනම් කරනු ලැබූ දේශපාලන පක්ෂයේ මාධ්‍ය ආවරණය නොකරන ලෙස සියළු රූපවාහිනි නාලිකා, එෆ්එම් ගුවන් විදුලි විකාශන සමාගම් සහ කේබල් රූපවාහිනි නාලිකා සඳහා උපදෙස් ලබා දී ඇති ඇත. මීට අමතරව සමාජ මාධ්‍යජාලා තුළින් එම පක්ෂයේ ක්‍රියාකාරකම් ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment