Home උණුසුම් පුවත් ප්‍රබලයින් රැසක් LPLවලින් හැලේ

ප්‍රබලයින් රැසක් LPLවලින් හැලේ

by Hela news

LPL කණ්ඩායම් පහේ සංචිත තෝරා අවසන් වෙයි

2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (09) සිදුකෙරුණි.

එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින් ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක් වෙයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ටාර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් තරග වදියි.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයින් ලෙස තෝරාගැණුනේ තිසර පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ චරිත් අසලංක යන ක්‍රීඩකයින්ය.

එම කණ්ඩායම්වල ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් ලෙස ඉම්රාන් තාහීර්, ක්‍රිස් ගේල්, මොහොමඩ් හෆීස්, රෝමන් පවෙල් සහ ෆෆ් ඩුප්ලෙසීස් යන ක්‍රීඩකයින් තෝරාගෙන තිබේ.

ඊට අමතරව තබ්රේස් ශම්සි, මොහොමඩ් අමීර්, රයිලි රූසෝ, ෂොයිබ් මලික්, නජිබුල්ලා සද්‍රාන්, සෆ්රාස් අහමඩ් සහ වහාබ් රියාස් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලිය සඳහා එක්වෙති.

මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී කිසිදු කණ්ඩායමක් විසින් කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම හා මිනෝද් භානුක යන ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තරුණ ක්‍රීඩකයින් වන අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, සදීර සමරවික්‍රම සහ මිනෝද් භානුක සිඳු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම විශේෂත්වයකි.

Jaffna Kings

තිසර පෙරේරා, වනිඳු හසරංග, වහාබ් රියාස්, ෆෆ් ඩු ප්ලෙසිස්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, රාමනල්ලා ගුර්බාස්, අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, චතුරංග ද සිල්වා, ජෙඩ්න් සීල්ස්, සුරංග ලක්මාල්, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික ගුණසේකර, විජයකාන්ත් වියස්කාන්ත්

අතිරේක ක්‍රීඩකයින් – දේවේන්ද්‍රන් දිනූෂන්, අෂේන් රන්දික, රත්නරාජ් තේනුරාදන්, ක්‍රිෂාන් සංජුල

Dambulla Giants

ඉම්රාන් තහීර්, දසුන් ශානක, රයිලි රොසව්, චාමික කරුණාරත්න, ෂොයෙබ් මක්සූඩ්, ඔඩියන් ස්මිත්, ජොෂ් ලිට්ල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්, නජිබුල්ලාහ් සඩ්රාන්, තරිදු රත්නායක, ළහිරු උදාර, සාෂා සෙනවිරත්න, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා

අතිරේක ක්‍රීඩකයින් – සචිත ජයතිලක, මදුෂාන් රවිචන්ද්‍රකුමාර්, ජනිත් ලියනගේ, චාමිකර එදිරිසිංහ

Colombo Stars

ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, අහමඩ් ශේසාඩ්, ඩිල්ෂාන් මුණවීර, මොහොමඩ් ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඩ්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සදකැන්, සීක්කුගේ ප්‍රසන්න, මන්ප්‍රීට් සිං, ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී.එම් සම්පත්, නුවනිදු ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් – මළිදු මදුරංග, නලීන් ප්‍රියදර්ශන, හෂාන් දුමිදු, කබිල් රාජ්

Galle Gladiators

මොහොමඩ් හෆීස්, ඉසුරු උදාන, ටැබ්රයිස් ශම්සි, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර්, සමිත් පටෙල්, සෆ්‍රාස් අහමඩ්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ධනංජය ලක්ෂාන්, අන්වර් අලී, පුලින තරංග, නුවන් තුෂාර, ළහිරු මදුෂංක, දිල්ෂාන් මදුෂංක, අෂේන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් – කෙවින් කොත්තිගොඩ, මොහොමඩ් ශමාස්, සුමින්ද ලක්ෂාන්, ඇන්ජෙලෝ ජයසිංහ

Kandy Warriors

රොව්මන් පවෙල්, චරිත් අසලංක, කැමරන් ඩෙල්පොට්, ළහිරු කුමාර, මොහොමඩ් මිතුන්, නස්මුල් ඉස්ලාම් අපු, මෙහෙදි හසන් රානා, ඇන්ජෙලෝ පෙරේරා, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, අම්ජාඩ් ඛාන්, ඉෂාන් ජයරත්න, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, කමිල් මිෂාර, අයන් සිරිවර්ධන

0 comment
0

Related Posts

Leave a Comment