Home දේශීය පුවත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

ප්‍රදේශ කිහිපයකට වැස්ස

by Hela news

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (01) මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

  ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ

0 comment
0

Related Posts

Leave a Comment