Home ක්‍රීඩා පුවත් පළමු T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

පළමු T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

by Hela news

අවිශ්ක නොදැවී 59යි – නායක දසුන් ලකුණු 51යි

සත්කාරක ඕමාන කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 20කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී පන්දු 59කදි ලකුණු 83ක් රැස්කර ගැනීමට සමත්විය.

ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 51ක් රැස්කර ගත්තේ පන්දු 24කදීයි.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.

ඉන් අනතුරුව පිටියට පැමිණි ඕමාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 143ක් පමණියි.

ඕමාන පිල වෙනුවෙන් නසීම් කවුෂි ලකුණු 40ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලහිරු කුමාර කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

0 comment
0

Related Posts

Leave a Comment