Home විදෙස් පුවත් පළමුවරට එමිරේට්ස් රූ රැජන තරගයක් තරගකාරිනියෝ 12,000ක් ඉල්ලුම් කරති

පළමුවරට එමිරේට්ස් රූ රැජන තරගයක් තරගකාරිනියෝ 12,000ක් ඉල්ලුම් කරති

by Hela news

මේ වසරේ පැවැත්වෙන විශ්ව රූ රැජන තරගයට පළමුවරට එක්වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ සඳහා තරගකාරිනියන් තෝරා ගැනිමට පසුගියදා නිකුත් කළ නිවේදනයට අනුව අයැදුම්පත් 12,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තා වේ. මේ අයැදුම්පත් සංඛ්‍යාව යොමු කර ඇත්තේ තෝරා ගැනිමේ තරගය පිළිබඳ නිවේදනය කිරිමෙන් පැය කිහිපයකට පසු වීම කැපී පෙනේ.

ඉතිහාසයේ පළමුවරට විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ සඳහා අපේක්ෂිකාවක් තෝරාගැනීමට පැවැත්වෙන තරගයට පිහිනුම් සඳහා භාවිත කරන ඇඳුම සහිත තරග අංශය නොපැවැත්වීමට තීරණය කර ඇත. මේ තරගයට එරට පුරවැසියන්ට මෙන්ම පදිංචිව සිටින තරුණියන්ටත් ඉදිරිපත් වීමට අවස්ථාව සලසා තිබේ.

විශ්ව රූ රැජන UAE තරගය ලබන නොවැම්බර් මස ඩුබායි නුවරදී පැවැත්වෙන අතර, එහි ජයග්‍රාහිකාව විශ්ව රූ රැජන තරගයට එක්වනු ඇත. මේ වසරේ විශ්ව රූ රැජන තරගය දෙසැම්බර් මසදී ඊශ්‍රායලයේ අයිලාත් නුවර පැවත්වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment