Home Uncategorized පසුගිය සතියේ එන්නත්කරණයෙන් පළමුතැන ශ්‍රී ලංකාවට

පසුගිය සතියේ එන්නත්කරණයෙන් පළමුතැන ශ්‍රී ලංකාවට

by Hela news

ජනගහනයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වැඩිම එන්නත්කරණය සිදු කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

එන්නත්කරණය සහ කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේෂණ ආයතනයක් වන “අවර් වර්ල්ඩ්“ ආයතනය උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය මේ බව පවසයි. ඒ අනුව, ශ්‍රී ලංකාව පසුගිය සතියේදී මෙරට ජනගහනයෙන් 13%ක් එන්නත්කරණයට ලක්කර තිබේ. මෙහි දෙවන ස්ථානය ඉක්වදෝරයට හිමිව ඇති අතර එහි එන්නත්කරණයට ලක්කර ඇති ප්‍රමාණය ජනගහනයෙන් 12.5%ක් බව සඳහන් වේ. තුන්වන ස්ථානය බෘෘනායි රාජ්‍යයටත්, සිව්වන ස්ථානය නවසීලන්තයටත් හිමිව තිබේ. පසුගිය සතිය තුළ කියුබාව 11.2%ක් එන්නත්කරණයක් සිදුකර ඇති අතර දකුණු කොරියාව 9.4%ක් එන්නත්කරණය සිදුකර ඇති බව “අවර් වර්ල්ඩ්“ ආයතනය පෙන්වා දෙයි.

කොවිඩ් 19 වයිරස මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉහළම ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව එන්නත්කරණය ආරම්භ කළ බව සිහිපත් කරන ඒ මහතා මේ මාස කිහිපය තුළ විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවද මේ වනවිට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 220ක ප්‍රමාණයක් ලැබී තිබෙන බවද පෙන්වා දුන්නේය.

එයින් එන්නත් මාත්‍රා ලක්ෂ 160ක් පමණ ශ්‍රී ලංකාව මිලදී ගත් ඒවා වන අතර සෙසු එන්නත් මාත්‍රා ලක්ෂ 60ක ප්‍රමාණය ප්‍රදානයන් බවද සඳහන් කරන ප්‍රසන්න ගුණසේන මහතා මේ මාසයේ දී පමණක් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද කියා සිටියේය.

0 comment
0

Related Posts

Leave a Comment