Home දේශීය පුවත් පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය කටුනායකට

පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය කටුනායකට

by Hela news

මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පලතුරු වගා සඳහා අවශ්‍ය පරිසර හිතකාමි නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ඉන්දියාවේ සිට ගුවන් මඟින් මෙරටට ගෙන්වන ලදි.

පොහොර තොගය රැගත් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL – 1156 දරන ගුවන්යානය ඊයේ (20) අලුයම 00.25ට කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩී. වී. චානක ඇතුළු පිරිසක් අදාළ පොහොර තොගය කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී භාර ගත්තේය.

මේ දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට දීමට කටයුතු කරන බව කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කරයි.

ලෝකයේ පිළිගත් ඉහළම පරිසර හිතකාමි පොහොර වර්ගයක් වන මේ දියර පොහොර ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පෝෂක, කාර්යක්ෂමව ගැනීමට හැකි වන අයුරින් නිපදවා ඇත. ඉන්දියාවේ IFFCO ආයතනය මඟින් නැනෝ තාක්ෂණය භාවිත කරමින් නිෂ්පාදනය කරන මේ දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටකය ශාක පත්‍ර මඟින් ඍජුවම අවශෝෂණය කර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. එච්. එස්. අජන්තද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කරන ලද ලීටර් ලක්ෂ 31ක් වන දියර නයිට්‍රජන් පොහොර ප්‍රමාණයෙන් මේ සතිය තුළදී පමණක් ලීටර් ලක්ෂ 5ක් ලැබීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment