Home දේශීය පුවත් පර්පෙචුවල් හොර සල්ලි කතාවෙන් මැතිසබේ උණුසුම් වෙයි – කිරිඇල්ල – දිනේෂ් වාදයක

පර්පෙචුවල් හොර සල්ලි කතාවෙන් මැතිසබේ උණුසුම් වෙයි – කිරිඇල්ල – දිනේෂ් වාදයක

by Hela news

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හොර සල්ලි මෙවර අයවැය හිඟය පියවීමට යොදා ගැනීම ලැජ්ජාවට කරුණක් යැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (15 දා)  උණුසුම් තත්ත්වයක් ඇතිවිණ.

එහිදී පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හොර සල්ලි යැයි කියා පිළිගත් අය මහ බැංකුව කොල්ල කෑ මහා වංචාකාරයෝ යැයි දිනේෂ් ගුණවර්ධන ඇමැතිරවයා මහ හඬින් කෑ ගසා පැවසීය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා- දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා කිව්වා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හොර සල්ලි කියලා. ඒක අපි පිළිගන්නවා. නමුත් මේ ආණ්ඩුව කොතරම් බංකොලොත්ද කිව්වොත් හොර සල්ලිත් ගත්තා අයවැය හිඟය පියවන්න. ලැජ්ජයි හොර සල්ලිත් ගත්තා.

දිනේෂ් ගුණවර්ධන මහතා- පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හොර සල්ලි කියලා වගේම පිළිගත්තා. පළමුවතාවට කටින් කියවුණා. අපි පිළිගන්නවා මහා වංචාව කියලා. මහා වංචාකාරයෝ වංචා කරලා මහ බැංකුව කොල්ල කාලා. එහෙම කරන්න පුළුවන්නම් ආණ්ඩුවකට තව මොනවද? පෘතුගාලයේ මහ බැංකුව හොයා ගත්ත වගේම අපි‍්‍රකාවේ මහ කැලෑවකට ගිහින් හොයා ගත්තේ. මේ අය වීදුරු ගෙයක දාලා ප‍්‍රදර්ශනය කරන්න ඕනෑ.

කිරිඇල්ල මහතා- ඒ මහා හොරකම හෙළිවුණේ අපි කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්‍ෂයට දුන්න නිසා. නැතුව අපි ආණ්ඩුවට ගත්තේ නෑ.

0 comment
0

Related Posts

Leave a Comment