Home දේශීය පුවත් පක්ෂනායක රැස්වීමේදී මත ගැටුම්

පක්ෂනායක රැස්වීමේදී මත ගැටුම්

by Hela news

ගැටුමට හේතුවත් එළියට

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත්කරන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සමග පෙරදා පැවති සාකච්ඡාවේදි ඒ බව ප්‍රකාශකර ඇති අතර මෙම ගිවිසුම අමෙරිකානු සමාගම විසින් සකස්කර ඇති බැවින් එහි අඩුපාඩු නිවැරදි කිරීමට සූදානම් බවය.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් පෙරදා පස්වරුවේ අරලියගහ මන්දිරය වෙත පැමිණියේය.

සාකච්ඡාවේ මුලසුන ගෙන තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසිනි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද සාකච්ඡාවට එක්ව සිටි බව වාර්තා විය.

සාකච්ඡාව ඊයේ පස්වරු 05.30ට ආරම්භ වු අතර සාකච්ඡාව පැය 04ක පමණ කාලයක් පැවැත්වුණි.

0 comment
0

Related Posts

Leave a Comment