Home උණුසුම් පුවත් නොසැලකිල්ල ජීවිත දෙකක් අහිමි කරයි – දෙල්ගොඩ බිහිසුණු අනතුර

නොසැලකිල්ල ජීවිත දෙකක් අහිමි කරයි – දෙල්ගොඩ බිහිසුණු අනතුර

by Hela news

මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ මෝටර් රථයක් තවත් වාහන 4ක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අදාළ මෝටර් රථය, අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති පාලමක් අසල තිබූ බැරලයක ගැටීමෙන් පසුව ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථ දෙකක, යතුරුපැදියක සහ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එහිදී එක් ත්‍රීරෝද රථ රථයක රියදුරු සහ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ හෝමාගම සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිව සිටි 31 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

අදාල මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment