නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදනවලින් මීගමුව නගර සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා නොමිලේ බෙදාදීමට නියමිත පාසල් අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් මීගමුව නගරයේ වෙළෙඳ සැළක අලෙවි කරන ආකාරය වාර්තාකර තිබුණි.
ඒ අනුව මීගමුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ ය.
මීගමුව නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුලු නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද ඒ පිළිබඳව ප්‍රශ්න කෙරුණි.