ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහා සභාපති වරයෙකු තෝරාගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපති වරයා ලෙස ඒ මහතා පත් වෙයි.
රටපුරා නීතිවේදීන් 17000 පමණ වූ ඡන්ද දායකයන් අතරින් සාලිය පීරිස් මහතා ඡන්ද 5162ක් ලබා ගත් අතර ප්‍රතිවාදියා ලෙස තරග කළ කුවේර ද සොයිසා මහතාට ඡන්ද 2807 ලැබී තිබිණි.
මෙය නීතිඥ සංගමය නිලවරණයක ප්‍රකාශිත ඡුන්දවලින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවක් මෙය සාලිය පීරිස් මහතා ප්‍රකාශිත ඡුන්දවලින් ආසන්න වශයෙන් 2/3ක ඡුන්ද ප්‍රමාණයක් ලබාගෙන ජය ගෙන තිබේ.