Home දේශීය පුවත් නීති විරෝධි ලෙස ගබ‍ඩා කර තැබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100ක් සම‍ඟ අයෙක් දැලේ

නීති විරෝධි ලෙස ගබ‍ඩා කර තැබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100ක් සම‍ඟ අයෙක් දැලේ

by Hela news

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ තොගයක් සමඟ සැකකරුවකු, මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පසුගිය 25 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් ගජබා ආයතනය සහ මන්නාරම පොලිසිය එක්ව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගබඩා කිරීම හේතුවෙන් මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝප‍දේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාර දීමට කටයුතු කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment