Home දේශීය පුවත් නිසි වෙලාවට පොහොර දුන් නිසා පුත්තලමේ එකම ගොවියෙක්වත් උද්ඝෝෂණ කළේ නෑ

නිසි වෙලාවට පොහොර දුන් නිසා පුත්තලමේ එකම ගොවියෙක්වත් උද්ඝෝෂණ කළේ නෑ

by Hela news
  • අවශ්‍ය ටොන්-11,374යි
  • ටොන් 20,377ක් නිපදවයි

දිසාපති කියයි

පුත්තලම දිස්ත්‍රික්කයේ මහකන්නයට අවශ්‍ය කාබනික පොහාර අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 11374 ඉක්මවා පොහොර මෙට්‍රික් ටොන් 20377ක් නිෂ්පානදය කර ඇතැයි පුත්තලම දිසාපති කේ. ජී. විජේසිරි මහතා දිනමිණට පැවැසීය.

සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනයට එක්ව එහි ජයග්‍රහණ භුක්ති විදින පුත්තලම් දිස්ත්‍රික්කයේ කිසිදු ගොවි මහතෙක් උද්ඝෝෂන සඳහා එකු නොවූ බවත් කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්වූ බවත් දිසාපතිවරයා අවධාරණය කළේය.

පොල් පලතුරු එළවළු, ඇතුළු සියලු වගාවන්වලට මහ කන්නය සඳහා අව්‍ශ්‍ය වන්නේ ටොන් 134,694ක් බව කියා සිටි දිසාපතිවරයා එම ඉලක්කය ඉක්මවා ඝන පොහොර නිෂ්පානය කර ඇති බවද කියා සිටියේය.

දියර පෙහොර ලීටර හාරලක්ෂ අනුනම දහස් හාරසිය තිස් එකක් (499431) නිෂ්පාදනය කර ඇති බව කියා සිටි දිසාපතිවරයා අවශ්‍ය වන්නේ ලීටර දෙලක්ෂ විසිහත් දහස් හාරසිය හැත්තෑවක් (227470) බවද කියා සිටියේය.

රජයෙන් ලබා දෙන නැනෝ පොහොර ලැබීමටද නියමත බව කියා සිටි විජේසිරි මහතා ගොවීන් තම වගාවට අවශ්‍ය ඝන පොහොර මෙට්‍රික් ටොන් 2745ක් නිෂෟපාදනය කර ඇති බවත් කියා සිටියේය.

එක් මහාපරිමාණ නිෂ්පාදකයකු දිනකට ටොන් 35ක් නිෂෟපාදනය කරනවා. මෙවැනි මහාපරිමාණ නිෂෟපාදකයන් 16ක් පමණ දිස්ත්‍රික්කයට සිටිනවා. මාලු අපද්‍රව්‍යවලින් (ෆිෂ් ටොනික් ) ලීටර ලක්ෂ 8ක් නිෂ්පාදනය කරනවා. මේ කියාමර්ගය සාර්ථක වුණේ කණාඩ්යම් හැඟීමෙන් කළ සාමුහික ක්‍රියාවලියක් හේතුවෙන් යැයිද හෙතෙම කියා සිටියේය.

මේ වනවිට එක්ව ඇති බවත් කියා සිටියේය.

0 comment
0

Related Posts

Leave a Comment