Home උණුසුම් පුවත් නිවෙස්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 24,847කට සුවය

නිවෙස්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 24,847කට සුවය

by Hela news

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ට නිවෙස් තුළ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය යටතේ ආසාදිතයන් 24847 දෙනකු මේ වන විට සුවය ලබා ඇතැයි පවුල් වෛද්‍ය විද්‍යා, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළාය.

එම ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවත් කොවිඩ් ආසාදිතයන් සුවය ලැබීමට මානසික සෞඛ්‍ය යහපත්ව පැවැතීම අත්‍යවශ්‍ය බවත් ඇය කීවාය.

නිවෙස්ගත ප්‍රතිකාර කිරීමේ ක්‍රමය පසුගිය ජුනි මස 7 වැනිදා ආරම්භ කෙරිණි. දිවයින පුරා රෝගීන් 41826 ක් නිවසේගත ක්‍රමයට අනුගතව ප්‍රතිකර ලබාදීම මේ යටතේ සිදු වූ අතර ඉන් රෝගීන් 474 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

නිවසේ රැඳීසිටිමින් කරන ප්‍රතිකාර ක්‍රමයේදී රෝගීන්ගේ මානසික සහනය ප්‍රධාන දෙයක් ලෙස ඔවුන්ගේ ප්‍රතිචාරවලින් අපිට දැනගන්න ලැබුණා. ඔවුන් සමග දුරකථන සංවාද කිරීමේදී අපිට ඒ බව අනාවරණය වුණා. මානසික ආතතිය මේ රෝගයේ සංකූලතා ඇතිවීමට බොහෝ සෙයින් බලපාන කරුණක්. බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

0 comment
0

Related Posts

Leave a Comment