Home උණුසුම් පුවත් නිවැරැදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගන්න සූදානම්

නිවැරැදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගන්න සූදානම්

by Hela news

ජනපති අවධාරණය කරයි

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දිහා පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උඩුබද්දාව ප්‍රදේශයේ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට පෙරේදා එක්වෙමින් පැවසීය.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව තමන් නායකයා ලෙස තෝරා පත් කරගත්තේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට බව කියා සිටියේය. උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට පෙරේදා (23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය. “මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට – ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න – මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා – අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම හෙයින් දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම් යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment