නිරෝධායන නීති කඩ කිරිම් 947 ක්

0
211
 ඊයේ (02) දිනය තුළ නිරෝධායන රීති උල්ලංඝනය  කළ පුද්ගලයින් 947 දෙනෙකු  අත්අඩංගුවට  ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21,087කි.
 ඊයේ දිනයේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිසපති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.
මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පිරිස සංඛ්‍යාව 163කි.
මීට අමතරව කුලියාපිටියෙන් 88ක් සහ නිකවැරටිය ප්‍රදේශයෙන් 73ක් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here