Home ව්‍යාපාර පුවත් නියුට්‍රිනොවේට් ලංකා වෙතින් විශේෂ අවශ්‍යතා ඇති නේවාසිකයන්ට පෝෂ්‍යදායි ආහාර

නියුට්‍රිනොවේට් ලංකා වෙතින් විශේෂ අවශ්‍යතා ඇති නේවාසිකයන්ට පෝෂ්‍යදායි ආහාර

by Hela news

සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යනු ලබන පුවක්පිටියේ ජයවිරු සෙවණෙහි වෙසෙන සෙමෙන් මනස වැඩෙන නේවාසිකයන් හට පෝෂ්‍යදායි ආහාර සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු නිරෝගි ආහාර අලෙවි කරන පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වී සිටියි. මේ සඳහා වූ අවබෝධතා ගිවිසුමක්‌ නියුට්‍රිනොවේට් ලංකා පෞද්ගලික සමාගම හා සමාජ සේවා දෙපාර්තමේන්තුව අතර පසුගියදා අත්සන් කෙරුණි. සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි මහතා සහ සමාගමේ අධ්‍යක්ෂිකා භද්‍රා වරුසප්පෙරුම මහත්මිය විසින් මේ ගිවිසුමට අත්සන් තැබුණේ වතුරුගම අමුණුකුඹුරෙහි ස්ථාපිත ආබාධිතයන් සඳහා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීය.

නියුට්‍රිනොවේට් ලංකා යනු නියුට්‍රිනොවේට් ඔස්ට්‍රේලියා සමාගමේ සහෝදර සමාගමක් වන අතර, එහි අන්තර්ජාතික සන්නාම වන නියුට්‍රිනොවේට් ඔස්ට්‍රේලියා, නියුට්‍රිනෝ හා ෆයින් ඩයිනර්ස් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා වේ.

0 comment
0

Related Posts

Leave a Comment