Home දේශීය පුවත් නැණදිරි ඩේටා තවත් අදියරක්

නැණදිරි ඩේටා තවත් අදියරක්

by Hela news

ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට අපහසු දිවයිනේ දුෂ්කර පළාත්වල දූ දරුවන් සොයාගොස් ඔවුන්ට ඩේටා ශිෂ්‍යත්ව පිරිණැමීමේ “නැණදිරි” ඩේටා ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් අදියරක් අද (07) ක්‍රියාත්මක කෙරුණි.

ඒ කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි.

මෙය ක්‍රියාත්මක වන්නේ දෙරණ සහ ඩයලොග් ආයතන ඒකාබද්ධවයි.

ඒ අනුව කළුතර නාහල්ල ශ්‍රී රේවත මහා විද්‍යාලයේ දරුවන් වෙත ඩේටා ශිෂ්‍යත්ව ලබාදීම සිදු කෙරුණි.

එමෙන්ම පයාගල හිරිගොඩැල්ල විදුලහලේ දරුවන්ට නැණ දිරි ඩේටා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද සිදුකර තිබුණි.

ඩේටා ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මේ වනවිට දරුවන් 92,400ක් වෙත නැණ දිරි ඩේටා ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment